ජනාධිපතිවරයා විසින් පසුගියදා(18) දින පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශයෙහි අඩංගු වූ පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය මිලදීගැනීමට තෝරාගත් පිරිස් සඳහා පමණක් රු.6000 ක මාසික දීමනාවක් ලබාදීම සම්බන්දව සහ VAT බදු ඉවත් නොකිරීම පිළිබඳව ශිෂ්‍ය සංවිධාන සිය විරෝධය පලකර තිබේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පසුගියදා පවතී මාධ්‍ය හමුවකදීය පැවසුවේ අස්වැසුම පවුල්වලට සහ අඩු ආදායම් ලාභී සහන අවශ්‍ය පවුල්වල ළමයින්ට 6000ක මාසික දීමනාවක් ලබාදෙන බව ජනාධිපතිවරයා පැවසූ බවයි.
මෙහිදී අදහස් දැක්වූ එම සංගමයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පැවසුවේ ” අයවැය කතාවකුත් නොවන අතුරු සම්මත ගිනුමත් ඉදිරිපත් කරලා තියෙන අවස්ථාවක ජනාධිපතිවරයා කරපු කතාවෙන් පැහැදිලි වෙන්නේ 2025 අයවැයට අදාළ යෝජනා තමයි මේ කිව්වේ කියන එක. ජාතික ජනබලවේගයේ මැතිවරණ වේදිකාවල කිව්වා පාසල් උපකරණ සඳහා පනවා තිබෙන බදු අඩුකිරීම කරන්නේ 2025ත අදාළ අයාවයකින් බව. ඒ අයවැය අතරතුර කාලයේ අතුරු සම්මත ගිණුමෙන් 6000ක දීමනාවක් දෙන බව තමයි ඔවුන් කිව්වේ.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඔවුන් පැහැදිලිව සඳහන් කරනවා දේශීය නිෂපදනය කරන කිරි , බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර, ළදරු කිරි, ඖෂධ, පාසල් පොත් සහ උපකරණ, කෘෂි උපකරණ, සඟරා ඇතුළු තවත් කිහිපයක් භාණ්ඩවල vat බද්ද සියයට 0 අනුපාතයට ගෙනෙන බැව්.
රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකඟවෙල අත්‍යවශ්‍ය භාණ්ඩ කියන ඒකවත් සලකන්නේ නැතුව සියයට 18ක බද්දක් ගැහුවා. ඒ හරහා පොත්, ලිපි ද්‍රව්‍ය, සපත්තු, බාග් යන සියලු දේවල්වල මිල ඉහළ ගියා. 6000ක් දීලා ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න බැහැ. උත්තරය තමයි ජාතික ජන බලවේගය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියලා තියෙන බදු නැති කිරීම.
ජන් හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව සියයට 55ක පමණ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට මේ පොත්පත්ත්වල මිල ඉහළ යාම බලපා තිබෙනවා. ඉන් සියයට 53ක පිරිසක් ලිපි ද්‍රව්‍ය ගැනීම මුළුමනින් ම නවත්තලා තියෙනවා.
අනුර කුමාර දිසානායක ඇවිල්ලා කියන කතාවෙන් අපිට තේරුම් ගන්න තියෙන කතාව තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා තමයි බදු ඉවත්කරන්න දෙන්නේ නැත්තේ. ඒ වෙනුවට පැලැස්තර විසදුමක් තමයි අරගෙන එන්න උත්සාහ කරන්නේ.අනුර කුමාර දිසානායක ඇවිල්ලා කියන කතාවෙන් අපිට තේරුම් ගන්න තියෙන කතාව තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා තමයි බදු ඉවත්කරන්න දෙන්නේ නැත්තේ. ඒ වෙනුවට පැලැස්තර විසදුමක් තමයි අරගෙන එන්න උත්සාහ කරන්නේ. අස්වැසුම ප්‍රතිලාභීන් ඉන්නේ ලක්ෂ 20ක් විතර. නමුත් ලක්ෂ 35ක පමණ ජනතාවක් ඉන්නවා කුමන හෝ සහනාධාරය ලැබීය යුතු. අනික මේ ප්රශ්නය ලංකාවේ සියයට 95ත මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්.