තනි කම්කරු නීතිය ගෙන ඒම ගැන ඇමතිගෙන් ඉඟියක්

කම්කරු නීතිය වෙනස් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසා තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි. ඇමතිවරයා ඍජුව ප්‍රකාශ කර නැතත් මේ සඳහන් කරන්නේ පසුගිය ආණ්ඩුවේ කම්කරු ඇමති ලෙස සිටි මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ තනි කම්කරු නීතිය ගැනද යන සැකය ඇති වේ. පසුගියදා ආණ්ඩුව විසින් තනි කම්කරු පනත් කෙටුම්පත අධ්‍යනය සඳහා කමිටුවක් පත්කර තිබුණි.

එහිදී එල්ල වූ විවේචන හමුවේ ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව පැවසුවේ තනි කම්කරු පනත් කෙටුම්පත අධ්‍යනය කිරීම පමණක් තම අරමුණ බවයි.

දැන් බළලා මල්ලෙන් එළියට පැන තිබේ. ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ රනිල් සහ මනුෂලාට කිරීමට නොහැකි දේ කිරීමට නම් එය හොද ලකුණක් නොවේ.

තනි කම්කරු නීතිය හරහා පෞද්ගලික අංශයේ සේවකයන් මෙතෙක් භුක්ති විඳි අයිතිවාසිකම් රැසක් කප්පාදු කිරීමට නියමිතව තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...