Breaking News

තනි කම්කරු නීතිය ගෙන ඒම ගැන ඇමතිගෙන් ඉඟියක්

කම්කරු නීතිය වෙනස් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසා තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි. ඇමතිවරයා ඍජුව ප්‍රකාශ කර නැතත් මේ සඳහන් කරන්නේ පසුගිය ආණ්ඩුවේ කම්කරු ඇමති ලෙස සිටි මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ තනි කම්කරු නීතිය ගැනද යන සැකය ඇති වේ. පසුගියදා ආණ්ඩුව විසින් තනි කම්කරු පනත් කෙටුම්පත අධ්‍යනය සඳහා කමිටුවක් පත්කර තිබුණි.

එහිදී එල්ල වූ විවේචන හමුවේ ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව පැවසුවේ තනි කම්කරු පනත් කෙටුම්පත අධ්‍යනය කිරීම පමණක් තම අරමුණ බවයි.

දැන් බළලා මල්ලෙන් එළියට පැන තිබේ. ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ රනිල් සහ මනුෂලාට කිරීමට නොහැකි දේ කිරීමට නම් එය හොද ලකුණක් නොවේ.

තනි කම්කරු නීතිය හරහා පෞද්ගලික අංශයේ සේවකයන් මෙතෙක් භුක්ති විඳි අයිතිවාසිකම් රැසක් කප්පාදු කිරීමට නියමිතව තිබේ.

leave a reply