Breaking News

ශල්‍ය වෛද්‍යවරුන් නොමැතිව හෝමාගම රෝහලේ සැත්කම් නවතියි

ශල්‍ය වෛද්‍යවරුන් නොමැතිකම හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ රෝහලේ සියලුම ප්‍රධාන සැත්කම් අත්හිටුවීමට සිදු වී ඇති බවට පුවතක් ඩේලි මිරර් වාර්තා කරනවා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ හෝමාගම මූලික රෝහල සඳහා අනුයුක්ත කර ඇති විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම මේ වන විට සාධාරණ හේතු මත  සේවයෙන් ඉවත් වී ඇති බවයි.

මෙම තත්වය හමුවේ තුවාල සඳහා මැහුම් යෙදීම වැනි සුළු සැත්කම් හැරෙන්නට අනෙකුත් සියලුම සැත්කම් මේ වන විට නවතා ඇති අතර අදාළ සැත්කම් සඳහා රෝගීන් කොළඹ ජාතික රෝහලට යොමු කරන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ මේ වන විට මෙම ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර යළිත් වෛද්‍යවරුන් රෝහල වෙත අනුයුක්ත කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගත විය හැකි බවයි.

leave a reply