ශල්‍ය වෛද්‍යවරුන් නොමැතිව හෝමාගම රෝහලේ සැත්කම් නවතියි

ශල්‍ය වෛද්‍යවරුන් නොමැතිකම හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ රෝහලේ සියලුම ප්‍රධාන සැත්කම් අත්හිටුවීමට සිදු වී ඇති බවට පුවතක් ඩේලි මිරර් වාර්තා කරනවා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ හෝමාගම මූලික රෝහල සඳහා අනුයුක්ත කර ඇති විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම මේ වන විට සාධාරණ හේතු මත  සේවයෙන් ඉවත් වී ඇති බවයි.

මෙම තත්වය හමුවේ තුවාල සඳහා මැහුම් යෙදීම වැනි සුළු සැත්කම් හැරෙන්නට අනෙකුත් සියලුම සැත්කම් මේ වන විට නවතා ඇති අතර අදාළ සැත්කම් සඳහා රෝගීන් කොළඹ ජාතික රෝහලට යොමු කරන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ මේ වන විට මෙම ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර යළිත් වෛද්‍යවරුන් රෝහල වෙත අනුයුක්ත කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගත විය හැකි බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...