රාජතාන්ත්‍රික නිලධාරිනිය කළ කැත වැඩේ වෙනුවෙන් විදෙස් අමාත්‍යංශය පෙනී සිටියි

ගෘහ සේවිකාවකගේ වැටුප් සූරාකෑම සම්බන්ධ නඩුවකට ඩොලර් 500,000කට අධික මුදලක් ගෙවීමට නියෝග කළ කැන්බරා හි හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි සුභාෂිනී අරුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය දුන් තීන්දුවෙන් පසු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඊට අදාළව පසුගියදා පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බවයි.

රාජ්‍ය තාන්ත්‍රිකයන්ට තම නිල නියෝජිත රාජකාරි සඳහා ගෘහ සහායකයන් රැගෙන යෑමට විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පහසුකම් සැලසීම සාමාන්‍ය සිරිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

අදාළ ගෘහ සහායිකාව වසර තුනක පූර්ණ කාලයක් සේවය කර ඇති අතර සේවායෝජකයා මුලින් ඔස්ට්‍රේලියාවෙන් පිටත්ව යෑමට පෙර දින සේවා යෝජකයාගේ නිවසින් පළා ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සේවිකාවගේ වැටුප ලෙස අමාත්‍යාංශය අනුමත කළ දීමනාව ඇයට ගෙවා ඇති බවත් සේවායෝජකයා විසින් එකී වැටුප ගෘහ සේවිකාවට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ පරිදි ගෙවා ඇති බවට අමාත්‍යාංශය සෑහීමකට පත්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කැන්බරා හි හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි සුභාෂිනී අරුණතිලකට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණේ ඇගේ ගෘහ සේවිකාව වූ ප්‍රියංකා ධනරත්න විසිනි.

එම නඩුවේ දී අරුණතිලකට නියෝග කෙරුණේ ඩොලර් 374,000 නොගෙවූ වැටුප් හා ඩොලර් 169,000 පොලිය සමඟ ගෙවීමට කටයුතු කළ යුතු බවටයි.

හිමාලි අරුණතිලක දැනට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...