ඉමියුනොග්ලොබියුලීන් වංචාව – මිලියන 144කට මොකද වුණේ?

ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීමට අදාලව, එම ඖෂධය මෙරටට ගෙන් වූ බව කියන සමාගමට ලැබුණු රුපියල් මිලියන 144.4 ක මුදලට සිදු වූයේ කුමක්දැයි යන්න විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව එම වාර්තාව එළඹෙන ජනවාරි 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ පළමු සැකකරු වන දේශීය සමාගමේ හිමිකරුගේ බැංකු ගිනුමට රුපියල් මිලියන 144.4 ක මුදලක් තැන්පත් වී ඇති අතර, එම මුදල, එසැණින් යළි ලබාගෙන ඇති බව අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.

එම මුදල ආපසු ගනු ලැබූවේ කවුද ? එසේ ලබා ගත් මුදල්වලට සිදු වූවේ කුමක්ද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ “නීති විරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන අංශය” විසින් විමර්ශනය සිදුකෙරෙයි.

මෙම මුදල් වලින් කොටසක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන කෙහෙළිය රඹුක්වැල්ලට ලැබී ඇති බවට පාර්ශ්ව රැසක් මේ වන විට චෝදනා එල්ල අකර තිබේ.

මෙම නඩුවේ පළමු සැකකරු වන අදාල සමාගමේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥයා පවසා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නේ නම් එම මුදල්වලින් කොටසක් ගියේ කාටදැයි හෙළි කිරීමට ඔහු සූදානම් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...