දරුවන්ට දෙන ත්‍රිපෝෂවල වස දෙගුණ කරන්න කැබිනට් අනුමැතිය

ත්‍රිපෝෂවල අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රමාණය දෙගුණ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව හෙළිකර ඇත.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

” කුඩා දරුවන්ට, ගැබිණි මව්වරුන්ට හා කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ත්‍රිපෝෂ වල අඩංගු විෂ රසායනික දෙගුණ කිරීමේ තීරණයක් රජය මගින් ගෙන තිබෙනවා. නොවැම්බර් තුන්වන සතියේ කැබිනට් මණ්ඩලයට සෞඛ්‍ය ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් ත්‍රිපෝෂ හැදීමට ගන්නා බඩ ඉරිඟු වල අන්තර්ගත විය හැකි උපරිම ඇෆ්ලටොක්සින් (Aflatoxin) ප්‍රමාණය 5ppb සිට 10ppb දක්වා වැඩි කිරීමට යෝජනා කළා. කැබිනට් මණ්ඩලය ඒ යෝජනාව අනුමත කරලා. ඒ අනුව 1980 අංක 26 දරණ ආහාර පනත සංශෝධනය කිරීමට නියමිතයි.

කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙන්නේ ජනතා ද්‍රෝහී පියවරක්. මෙමගින් කුඩා දරුවන් සහ මව්වරුන් ඇතුළු සියල්ලන්ගේ ජීවිත අවදානමට ලක් වෙනවා.ඇෆ්ලටොක්සින් කියන්නේ ආහාර වල සෑදෙන දිලීර වලින් නිකුත් කරන රසායනිකයක්. එය ඉතාම විෂ සහිතයි. ශරීරගත වුණොත් අක්මාවට හානි සිදුවෙන්න පුළුවන් වගේම ඒ රසායනිකය පිළිකා කාරකයක්. මේ කැබිනට් තීරණය නිසා පිළිකා අවදානම ඉහල යනවා.

මීට පෙර පොල්තෙල් සහ දියර කිරි වල ඇෆ්ලටොක්සින් අඩංගු වීම ගැන විශාල ආන්දෝලනයක් මතු වුණා. නමුත් බඩ ඉරිඟු සඳහා ලංකාවේ නීතියක් තිබුණා. ආරක්ෂිතම ආකාරය වන්නේ ආහාර වල ඇෆ්ලටොක්සින් බිඳක්වත් නොතිබීම. නමුත් මිනිස් ශරීරයට හානිකර විය හැකි ප්‍රමාණය සලකා 5ppb ප්‍රමාණයක්, එනම් බඩ ඉරිඟු කොටස් බිලියනයකට ඇෆ්ලටොක්සින් කොටස් උපරිම 5ක් සඳහා අවසර දී තිබෙනවා.

දශක හතරකටත් වඩා පරණ නීතියක් හදිසියේ වෙනස් කර ත්‍රිපෝෂ ඇතුළු ආහාර වල වස ප්‍රමාණය දෙගුණ කරන්න යන්නේ ඇයි? අරමුණ ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට ප්‍රමිතියෙන් තොර බාල බඩ ඉරිඟු ආනයනය කිරීමට හා එමගින් ලාභ ගොඩ ගැසීමට අවස්ථාව සැලසීම. මුලින් ලංකාවේ බඩ ඉරිඟු ගොවිතැන කාබාසිනියා කළා. දැන් ආනයනය කරන බඩ ඉරිඟු වල ප්‍රමිතිය නැති කරන නීති ගෙනෙනවා.

ගජ මිතුරු ධන කුවේරයන්ට ලාභ කඳු ගොඩ ගැසීම වෙනුවෙන් පිළිකා බෝ කර ජනතාව මරා දමන්නත් මේ තක්කඩි දේශපාලකයෝ සූදානම්. බාල බෙහෙත් ගෙන්වා මිනීමැරූ සෞඛ්‍ය ඇමති එලවලා හුස්මක් ගන්නත් කලින් ඒ වෙනුවට බාල ආහාර ගෙන්වා මිනී මරන සෞඛ්‍ය ඇමතියෙක් ඇවිත්. ඇමති මණ්ඩලයේ මූණු මාරු කරලා, පාර්ලිමේන්තුවේ මූණු මාරු කරලා මේ ප්‍රශ්න වලට උත්තරයක් ලැබෙන්නේ නෑ.

ලාභය මිනිස් ජීවිත වලට වඩා වටින බව සිතන මේ සමාජ ආර්ථික ක්‍රමයම වෙනස් කරන්න ඕන. ලක්ෂ 220ක් ජනතාවගේ ජීවිතය හා මරණය තීරණය කරන බලය දියවන්නාවේ තක්කඩි රංචුවට නොදී ජනතාව අතට ගන්න ඕන. තමන්ගේ ජීවිත ගැන කෙසේ වෙතත් අඩුම ගානේ අලුත උපන් බිළිඳුන්ගේ ජීවිත ගැන හෝ සිතනවානම් ජනතාවට පුළුල් මහජන ව්‍යාපාරයක් තුළ සංවිධානය වීම සහ අරගල කිරීම හැර අන් මගක් නෑ.”

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...