පරණ සන්ධාන නැවත අලුත් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යෝජනා කර ඇති බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නව සන්ධානයද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම යෝජනා වී ඇති බවද එහෙත් එහි ලේකම් දූරය සම්බන්ධයෙන් පවතින ගැටලුවක් නිසා පුටුව ලකුණ යටතේ පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම භාවිතා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුලු සන්ධානයේ හිටපු පක්ෂ කීහිපයක් එකතු වීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තාවේ.

නිමල් ලංසා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නව සන්ධානයද මෙම සන්ධානයට එක්වනු ඇති බවද වාර්තාවේ.

මෙම සන්ධාන ‘අලුත්’ බව වාර්තා කර තිබුනද මේවායෙහි කිසිදු අලුත් බවක් නැති බව ජනතාව පවසමින් සිටියි. යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමේදී එහි මූලික කාර්ය භාරයක් ඉටුකරනු ලැබුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. එහිදී මෛත්‍රී නව යහපාලන සන්ධානයට එකතු කරගනු ලැබුවේද චන්ද්‍රිකා විසිනි. ඉදිරි මැතිවරණයකදීද සිදුවන්නේ බලය ලබාගැනීම වෙනුවෙන් මෙවැනි සන්ධාන, පිල් මාරු කරමින් පරණ මුහුනුම අලුත් බවකින් පැමිණීමයි. එසේම ඔවුන් ඉදිරිපත් කරන ප්‍රතිපත්තිද කිසිදු වෙනසක් නොවනු ඇති බවට මත පළවෙමින් පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...