කොවිඩ් නිසා මිය ගිය විදේශ ශ්‍රමික රක්ෂණ වන්දි විදේශ සේවා අධිකාරියෙන් යටි මඩි ගහලා

පසුගිය කාලයේ කොවිඩ්19 ආසාදනය වීමෙන් මරණයට පත් වූ මෙරට ශ්‍රමිකයන්ට හිමි විය යුතු රුපියල් කෝටි ගණන් රක්ෂණ වන්දි යටි මඩි ගසා ඇතිදැයි සැකයක් මතුව තිබේ.

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් සිය ගණනකගේ රක්ෂණ වන්දි යැපෙන්නන්ට ලබාදීමට අවශ්‍යවන ලේඛන විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් අදාළ රක්ෂණ සමාගම වෙත යවා නැත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස්ගත වන ශ්‍රමිකයන්ගේ රක්ෂනයක් අනිවාර්යවන අතර මේ වනවිට එම රක්ෂන අරමුදල සම්බන්ධ කිසිදු විනිවිදභාවයක් නොමැති තත්වයක්ද තිබේ.

මිය ගිය විදේශ ශ්‍රමිකයකුට විදේශ සේවා කාර්යාංශය විසින් සාමාන්‍යයෙන් රු. ලක්ෂ 5 පමණ රක්ෂණ වන්දියක් ගෙවන අතර කොරෝනා ආසාදනයෙන් මිය ගිය විදේශ ශ්‍රමිකයන් සිය ණනක රක්ෂණ වන්දි ගෙවීම පැහැර හැර ඇත. ඒ අනුව කොවිඩ්19 වැලඳී මියගිය සිය ගණනක් වූ ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් රුපියල් කෝටි පහක පමණ රක්ෂණ වන්දි මුදලක් මෙසේ ගෙවීම පැහැර හැර ඇත.

එමෙන්ම විදේශ රාජ්‍යයන් දෙකකදී කොවිඩ් වැලඳී මියගිය ලාංකිකයන් දෙදෙනකුට පසුගිය වසරේ මැයි මසදී ලැබුණු රුපියල් ලක්ෂ 50 ආසන්න රක්ෂණ වන්දි මුදලද විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ගෙවා නැත.

ලියාපදිංචිවී විදෙස් රැකියාවට ගිය අය සම්බන්ධයෙන් සියලු තොරතුරු කාර්යාංශය සතුව තිබියදීත් අදාළ ලේඛන රක්ෂණ ආයතන වෙත ඉදිරිපත් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් පියවර නොගැනීම මෙම කාරණයේදී විශාල සැකයක් ඇති කරයි. මෙම අධික මුදල් සම්භාරය මාසයක කාලයක් තබා ගැනීමෙන් පවා අතිරේක පොලියක් ඉපදවිය හැකි බැවින් මෙය රක්ෂණ වන්දියෙන් පෞද්ගලික ආදායම් තර කරගැනීමේ ජාවාරමක්දැයි විදේශ සේවයේ ගැටලු සම්බන්ධ මැදිහත්වන සමාජ ක්‍රියාකාරිහු ප්‍රශ්න කරති.

උපුටා ගැනීම – ලංකා වීව්ස්

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...