ඇඟලුම් කම්හලකට ගිය මාලිමාවේ මන්ත්‍රීවරුන්ට විරෝධයක් එල්ල වුණේ ඇයි?

Date:

බිංගිරිය – විලත්තව පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වෙත (දෙසැම්බර් 30 වැනිදා) ගිය ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී විජේසිරි බස්නායක සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්ට බිංගිරිය ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.

BBC සිංහල වෙබ් අඩවිය වාර්තා කර ඇති පරිදි මෙම ප්‍රහාරයට අදාළ වීඩියෝවක අදාළ මන්ත්‍රීවරුන් දෙපළ කප්පම් ලබා ගැනීමට උත්සාහ දැරූ බවට චෝදනා එල්ල වේ.

පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ගේට්ටුව අසළදී කිසියම් පිරිසක් මන්ත්‍රීවරුන් දෙදෙනාට විරෝධය දක්වමින් කප්පම් චෝදනා එල්ල කරන අයුරු දැක්වෙන, වීඩියෝවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් (දෙසැම්බර් 30 වැනිදා) සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ, “මාලිමාවේ පා.ම බිංගිරිය ආසන සංවිධායක විජේසිරි බස්නායක මහතා බිංගිරියේ Benji කර්මාන්ත ශාලාව වෙත පැමිණ පිටව යන අවස්ථාවේ සිදුවීමක්. ජනතාවගේ විමසුම පිණිසයි.” යනුවෙන් සඳහන් කරමින් මුදාහැර ඇති බවද BBC වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධව මන්ත්‍රී විජේසිරි බස්නායක ද වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එමගින් අදාළ කප්පම් චෝදනා සම්බන්ධව කිසිවක් ඔහු ප්‍රකාශ කර නොමැත.

මෙම සිදුවීම පැහැදිලි කරමින් විජේසිරි බස්නායක මන්ත්‍රීවරයා වීඩියෝවක් නිකුත් කර තිබේ.

කලින් සැලසුම් කර ගත් පරිදි අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාකච්ඡාවක් සඳහා ගිය බව මන්ත්‍රීවරයා පවසා තිබේ.

අදාළ කර්මාන්ත ශාලාවෙන් පිටවන යන අවස්ථාවේ දී පිරිසක් කලහකාරි ලෙස හැසිරෙමින් පරුෂ වචනයෙන් බැණ වැඳුන බව පවසන විජේසිරි බස්නායක මන්ත්‍රීවරයා එම පිරිස තමන්ට පහර දුන් බව ද පවසයි.

“මමත් මගේ පිරිස සමගින් එළියට යෑමට යන විට අපේ වාහනයත් වට කරගෙන අපේ වාහනයටත් ප්‍රහාර එල්ල කරමින්, පරුෂ වචනයෙන් බැන වඳිමින් අපි ගිය කාර්යයට බාධා කරමින් ඔවුන් හැසිරුණා. මෙහිදී අපි සිටි වාහනයේ එක් ෂටර් එකක් ඇරලා එක් පුද්ගලයෙක් මට ප්‍රහාරයක් එල්ල කළා, මගේ කමිසයෙන් ඇඳලා එළියට ගන්න හැඳුවා.මෙතන දී අපි පසුපසට පැමිණ තත්ත්වය සමනය වෙන තෙක් සිට අපි එළියට පැමිණියා.”

එම අවස්ථාවේ එතන පොලිස් නිලධාරින් තිදෙනක් සිටි බවත් ඔවුන්ට තත්ත්වය පාලනය කර ගත නොහැකි වු බව ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

“විශේෂයෙන් මෙතන සමාගමේ ප්‍රවාහනය ලබා දීම පිළිබඳව ගම්මුන්ගෙන් විශාල පැමිණිලි රාශියක් ලැබිලා තිබ්බා. ඒ අවශ්‍ය සාමය නීතිය රැකීමට අවශ්‍ය කටයුත්ත තමයි අපි සමාගමත් එක්ක සාකච්ඡා කරලා නිවැරදිව විසඳුම් රැගෙන එළියට එන විට මෙම පිරිස කලහකාරී ලෙස අප වෙත පහර දුන්නේ. මේ පිටුපස අපි දකිනවා පසුගිය කාල පරිච්ඡේදයේ පැරදිච්ච දේශපාලඥයන්ගේ අතකොළු විදියට විශාල මුදලක් සමග ඒ කප්පම් මුදලක් සමග, කොමිස් මුදලක් සමග කටයුතු කරන පිරිසක් ඉන්නවා මෙන්න මේ පිරිස තමයි අපිට එරෙහිව මේ අවස්ථාවේ දී ඉදිරියට පැමිණියේ.”

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...