අපරාධ මැඩලන්න පොරොන්දු වෙන පොලිස් ඇමති ‘ටිරාන් අලස්’ නම් වංචනිකයා අත්අඩංගුවට ගනියිද?

යුක්තිය මෙහෙයුම අද සිට නැවත ආරම්භ කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ. යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් එල්ලවන විවිධ චෝදනා අතර තමන්ගේ ධූර කාලය තුළ අපරාධ මැඩලීමට දස අතේ පොරොන්දු වෙමින් සිටින මහජන ආරක්ෂක ඇමති සම්බන්ධයෙන්ද එල්ලවන චෝදනා පවතියි.

බ්‍රිටිෂ් වර්ජිනියා දූපත් සමූහයේ මුදල් ආයෝජනය කරමින් මුදල් විශුද්ධිකාරණයක් සිදුකර ඇති බව පැන්ඩෝරා පේපර්ස්වල සඳහන් වීම එම චෝදනාවයි.

පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ පිළිබඳ ප්‍රශ්න කර තිබුණි. ඔහු පැවසුවේ ලංකාවේ නීතිය අනුව මුදල් විශුද්ධිකරණ චෝදනාවක් ඇති පුද්ගලයෙකු වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

” අපි ටිරාන් අලස්ගෙන් විමසනවා. මුදල් විශුද්ධිකරණයක නියැලුණු ටිරාන් අලස් නැමති ව්‍යාපාරිකයෙකු ගැන පැහැදිලි සාක්ෂි තියෙනවා. ඔය ටිරාන් අලස් ඒ ටිරාන් අලස්ව අත්අඩංගුවට ගන්නවද? සාක්ෂි තියෙනවනම් අත්අඩංගුවට ගන්නවා වගේ බයිලා අපිට කියන්න එපා. පැහැදිලි සාක්ෂි තියෙනවා ටිරාන් අලස් නැමති ව්‍යාපාරිකයෙක් සම්බන්ධයෙන්. රටේ විදේශ විනිමය එලියට ඇදපු වංචනිකයෙක් සම්බන්ධව. ඒ වංචනිකයව අත්අඩංගුවට ගන්න”

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...