විස්කි බෝතල්  සොයා ගනියි, දේශබන්දු භාරවෙයි 

සැඟව සිට දින විස්සකට පසු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  (මාර්තු 20)  හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (19 ) මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග  ලබා දුන්නා

පොලිස්පති තෙන්නකෝන් සහ තවත් පොලිස් නිලධාරීන් අට දෙනකුට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි 27 වැනිදායි . ඒ මාතර, වැලිගම ප්‍රදේශයේ  W15 හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ය . කෙසේ වෙතත් මෙම නියෝගයෙන් අනතුරුව පොලිසියට බාර නොවුණු පොලිස්පතිවරයා සැඟව සිට පසුගිය මාර්තු 10 වන දා නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්  කරමින් ඉල්ලා සිටියේ තමන්ව අත්අඩංගුවට ගන්න කළ නියෝගය බල රහිත කරන ලෙසයි .

ඒ අනුව එම රිට් පෙත්සම  පිළිබඳව සදුඳා( 17)  සලකා බැලූ අභියාචනාධිකරණය එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට  කටයුතු කළා.මේ අතර දේශබන්දු තෙන්නකෝන්ට අයත් බව පැවසෙන අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ නිවසක් ඊයේ (18) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් එහි තිබී විදේශි විස්කි බෝතල් තොගයක් සහ තෙන්නකෝන්ගේ නිල ගිනිඅවියද සොයා ගෙන තිබුණා.එවැනි පසුබිමක අද පෙරවරුවේ ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.  .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...