යුක්ති මෙහෙයුම – 20ක් පොලිස් අත්අඩංගුවේදී මිය ගිහින්

යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවේදී මියගොස් ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

“යුක්තිය නමින් පොලිසියේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. මෙම මෙහෙයුමේදී පොලිසියට භාර වූ 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ දී මියගොස් ඇති බව සඳහන්. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමද,” කිරිඇල්ල ප්‍රශ්න කළේ අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂගෙන් ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටිමිනි.

තමා අධිකරණ ඇමැතිවරයා පමණක් බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට ආයතන තිබෙන බවත් ඇමැති රාජපක්ෂ එහිදී පැවසීය.

“මම හිතන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම මගේ විෂය පථයට අයත් විෂයක් නොවන බව කවුරුත් දන්නවා. ගුවන් තොටුපළේදී සුළු සේවකයකුට පහරදීම සම්බන්ධයෙන් මතුවන සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට පොලිසියට යා හැකි අතර පසුව පොලිසිය පැමිණිල්ල විමර්ශනය කරයි,” යනුවෙන් ඇමැතිවරයා පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...