යුක්ති මෙහෙයුම – 20ක් පොලිස් අත්අඩංගුවේදී මිය ගිහින්

යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවේදී මියගොස් ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

“යුක්තිය නමින් පොලිසියේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. මෙම මෙහෙයුමේදී පොලිසියට භාර වූ 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ දී මියගොස් ඇති බව සඳහන්. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමද,” කිරිඇල්ල ප්‍රශ්න කළේ අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂගෙන් ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටිමිනි.

තමා අධිකරණ ඇමැතිවරයා පමණක් බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට ආයතන තිබෙන බවත් ඇමැති රාජපක්ෂ එහිදී පැවසීය.

“මම හිතන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම මගේ විෂය පථයට අයත් විෂයක් නොවන බව කවුරුත් දන්නවා. ගුවන් තොටුපළේදී සුළු සේවකයකුට පහරදීම සම්බන්ධයෙන් මතුවන සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට පොලිසියට යා හැකි අතර පසුව පොලිසිය පැමිණිල්ල විමර්ශනය කරයි,” යනුවෙන් ඇමැතිවරයා පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...