කොළඹ වරාය ආසන්නයේ නවතා තිබියදී ගිනිගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායනික සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වලට අයත් මුහුදු තීරයේ කිලෝමීටර 10 ක් පමණ දැඩි පරිසර හානායකට ලක්ව ඇතැයි සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥා දර්ශනී ලහඳපුර පවසා තිබේ.
දික්ඕවිට සිට කොච්චිකඩේ දක්වා මුහුදු තීරයට මෙහිදී දැඩි හානියක් සිදුව ඇති බවත් එම හානිය පිළිබඳව වාර්තාවක් මේ වන විටත් සකස් කර ඇති බවත් දර්ශනී ලහඳපුර පවසයි.
ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය හරහා ත්‍රිවිධ හමුදාව යොදාගෙන එම මුහුදු තීරණයෙන් අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත්කිරීමට නියමිත බවත් හැකි පමණ වෙරළ තීරය යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය පවසා තිබේ.
ස්ලාස්ටික් නිෂ්පාදනය සඳහා ගන්නා ‘පබළු’ වැනි අමුද්‍රව්‍යයක් මෙම වෙරළ තීරයේ විසිරී තිබෙන බවත් ඇතැම් විට එම ද්‍රව්‍ය වැලිත් සමඟම ඉවත්කිරීමට සිදුවිය හැකි බවත් සභාපතිනිය වැඩිදුරටත් පවසා ඇත.
ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට මෙම නවුකවේ නයිට්‍රික් ඇසිඩ් සහ තවත් රසායනික ද්‍රවය අඩංගු වී තිබී ඇත. එසේම අද දින ජාතික පුවත්පත් වාර්තා කර තිබූ ආකාරයට ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ විසිවන ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසා තිබුණි.
එවැනි දේ ස්පර්ශ කිරීමෙන් හෝ විවෘත කිරීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස එම ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර එසේම යම් දෙයක් නිරීක්ෂණය වුවහොත් ඒ බව ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ පොලීසියට දැනුම් දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසා තිබුණි.
මෙම නෞකාවේ සිදුවූ පිපිරීමත් සමඟ කන්ටේනර් 8ක් පමණ මුහුදට වැටී ඇති අතර එම කන්ටේනර් තුළ පිපිරීමට ලක් විය හැකි ද්‍රව්‍ය අඩංගු බැවින් එය ඉතාමත්ම අනතුරුදායක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර තිබේ.
අද දහවල් කාලය වන විට වෙරළාශ්‍රිතව ජිවත්වන ජනතාව ඇතැම් ද්‍රවය රැගෙන යන ආකාරයද මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි. ගැටලුව වන්නේ විනාශය සිදුවීම වැලැක්වීමට මෙන්ම විනාශය සිදුවීමෙන් පසු ඇතිවිය හැකි අහිතකර අතුරු ප්‍රථිපල නැවත්වීමටද බලධාරීන්ට ක්‍රමයක් නොමැති බව මේ සිදුවීම් පෙළ හරහා පෙනී යාමයි.
මේ අතර මෙවැනි තත්ත්වයක් හැසිරවීමට අපි දෙවන වතාවටත් අපොහොසත් වී තිබීම පිළිබඳ වැසිවනාන්තර සුරකින්නන්ගේ සංගමය ප්‍රශ්න කර සිටියි . මීට පෙර නිව් ඩයමන්ඩ් නෞකාව ගිණි ගැනීමෙන් පසු එයින් තෙල් සාගරයට කාන්දු වී තිබුණි. මෙවැනි තත්ත්වයක් හැසිරවීම සඳහා අපට අවශ්‍ය සම්පත් ප්‍රමාණවත්ව නොමැති වුවත් හදිසි තත්ත්වයකදී ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලින් අවශ්‍ය සහාය ඉතා ඉක්මනින් ලබාගැනීමේ වැඩපිළිවෙලක් නොමැතිවීම ප්‍රශ්න සහගත බව වැසිවනාන්තර සුරකින්නන්ගේ සංගමය පවසයි. මෙවැනි නිසි වැඩපිළිවෙලක් නොමත්විම නිසා සිදුවන සමුද්‍රීය පරිසරය හානිය ඉතා විශාල බව එම සංගමය අවධාරණය කර සිටියි.
එසේම වැසිවනාන්තර සුරකින්නන්ගේ සංගමය පවසන ආකාරයට ඕනෑම වේලාවක අපගේ සාගර ජලය පසුකර යන නැව් 350 කට වඩා තිබේ. අපේ රට ලෝකයේ වඩාත්ම කාර්යබහුල සමුද්‍ර මාර්ග වලින් එකක පිහිටා තිබේ . එවන් තත්ත්වයක සිටින අපේ රට මෙවැනි හදිසි ආපදා තත්ත්වයන්වලට පෙර සූදානමක් පැවතිය යුතුය.
දැනටමත් අපේ රට ලෝකයේ විශාලතම සමුද්‍ර දූෂකයෙකු ලෙස අප ශ්‍රේණිගත කර තිබේ. බොහෝ විට සාගරයට ප්ලාස්ටික් අපද්‍රවය බැහැර කිරීම සම්බන්ධයෙන් 5 වන ස්ථානයේ පවතින බව විවිධ වාර්තා පවතියි.
මෙවැනි ව්‍යසනයක් හරහා මුහුදේ මසුන් ඇල්ලීම කාලයක් යනතුරු සම්පූර්ණයෙන්ම නතර කිරීම, මාළු ඇතුළු සාගර ජීවීන් මිය යාම, කොරල් සහ වෙරළ තීරය විනාශ වීම සිදුවිය හැකි බව වැසි වනන්නතර සුරැකීමේ සංගමය පෙන්වා දෙයි . එහි බලපෑම දශක ගණනාවක් තිස්සේ දැනෙනු ඇත. එය පිරිසිදු කිරීමට නම්, මෙම ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් මාස හා අවුරුදු හා ඩොලර් මිලියන සිය ගණනක් වැය කිරීමටද සිදුවෙනු ඇත.