රනිල්ගේ පිහිටෙන් මහින්දානන්ද හොඳින්!

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පහර දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ.

මෙම සිද්ධිය පිළිබඳව ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ සමග ඇතිවූ ගැටුමකින් පසු ගුණතිලක රාජපක්ෂ තුවාල ලැබීය. කොළඹ නාරාහෙන්පිට යුද හමුදා රෝහලට ඇතළත් කෙරුණු ඔහුගේ පාදයකට ශල්‍යකර්මයක්ද සිදුකෙරිණ.

කෙසේවෙතත් මෙම පහරදීම සම්බන්ධ චෝදනා එල්ල වූ මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම තබා ප්‍රකාශයක් හෝ සටහන් කරගත් බව දක්නට නැත. අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා පැවසෙන්නේ මෙයට හේතුව මහින්දානන්ද අලුත්ගමගේ රනිල් පාර්ශ්වය නියෝජනය කිරීම බවයි. පහර කෑමට ලක් වූ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබාදීමට නියෝග දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර අනිද්දා පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව තුළ පවතින අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා තම බලය යොදා පහසුවෙන් කළමනාකරණය කරමින් සිටින බව පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...