රනිල්ට පුළුවන් – මන්දපෝෂණය වැඩිකරන්න

උද්ධමනය දිගින් දිගටම අඩුවෙමින් පවතින බවට රජයේ මහ බැංකුව වාර්තා නිකුත් කරමින් තිබියදී රට තුළ මන්දපෝෂණ තත්ත්ව ඉහළ ගොස් ඇති බව දිනෙන් දින විවිධ වාර්තා නිකුත් වෙමින් පවතියි.

පසුගිය 04වනදා මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවට ගොස් ආර්ථික තත්ත්වය පැහැදිලි කරමින් පැවසුවේ උද්ධමනය 5% දක්වා අඩුවී ඇති බවයි. නමුත් එදිනම පාර්ලිමේන්තුව තුළ සිදුවූ විවාදයේදී රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවේ අපේ රටේ දරුවන්ගෙන් තුනෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බව යුනිසෙෆ් වාර්තා කර ඇති බවයි.

මේ අතර ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ද අඩු බර, මිටිභාවය, කෘෂභාවය, සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු හතර මගින් ළමා මන්දපෝෂණ තත්ත්වය ඇති වන බවයි.

ග්‍රෑම් 2500 ක් හෝ ඊට අඩු උපත් බරක් සහිතව උපදින දරුවන් අඩු උපත් බරක් ඇති දරුවන් ලෙස සැලකෙන අතර 2022 දී සිදු කරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණයට අනුව, ජාතික වශයෙන් නියෝජනය වන නියැදියක් මගින් අඩු උපත් බර ව්‍යාප්තිය 15.9%ක අගයක පැවති බව මෙම වාර්තාවෙන් පෙන්වාදී තිබෙනවා.

තවද සෑම දරුවන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් මධ්‍යස්ථ හෝ දැඩි ලෙස අඩු බර සහිත දරුවන් ලෙස හඳුනාගෙන ඇති බවත් මෙම වාර්තාවේ සඳහන්.

2023 වසරේ ජුනි මාසයේදී කෘෂභාවයට ලක් වූ දරුවන්ගේ අනුපාතය 10% ක් ලෙස එහි දැක්වෙන අතර අවුරුදු 5 ට අඩු සියලුම දරුවන්ගෙන් 1.2% ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිට ඇති බවත් සඳහන් වනවා.

සංඛ්‍යාත්මකව ළමුන් 16,000 කට ආසන්න ප්‍රමාණයක් එලෙස උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පිඩා විඳ ඇති බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

2023 පෝෂණ මාසයේ වාර්තාව මගින් වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටි බව 10.3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පෙර වසරට වඩා 9.2% ක වැඩිවීමක් බවට අනාවරණය වී තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...