තෙල් මිල අඩුකිරීමෙන් ජනතාවට ප්‍රතිලාභයක් නෑ

තෙල් මිල සොච්චම් ප්‍රමාණයකින් අඩුකිරීමෙන් පමණක් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව පෙනෙන්නට තිබේ. බස් රථ සංගම් පවසා තිබෙන්නේ ගාස්තු අඩුකිරීමට තමන් සූදානම් නැති බවයි.

එයට හේතුව ලෙස එම සංගම් සඳහන් කරන්නේ තෙල් මිල ප්‍රමාණවත් පරිදි අඩු නොවීම සහ අනෙකුත් භාණ්ඩවල මිල ගණන් අධික වීමයි. එසේම එම සංගම් අවධාරණය කර ඇත්තේ ජනවාරි මාසයේ සිට වැට් බද්ද ඉහළ ගියහොත් අවම බස් ගාස්තුව රු 40ත් 50ත් අතර අගයකට වැඩිවිය හැකි බවයි.

බස් ගාස්තු අඩුවීමට නම් ඩීසල් ලීටරයක මිල තවත් රු.20කින් පමණ පහළ යා යුතු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසා ඇත.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධිත ඉන්ධන මිල අනුව ඩීසල් ලීටරයක මිල රු.27කින් පහළ ගියද බස් ගාස්තු අඩුකිරීමට එය ප්‍රමාණවත් නොවන බවයි ප්‍රියන්ජිත් මහතා සඳහන් කරන්නේ.

පසුගිය මාස දකක පමණ කාලය තුළ ඉන්ධන මිල සංශෝධනය වූ අතර ඒ අනුව ඩීසල් සඳහා මෙවර අඩු වී ඇත්තේ රු. 12ක මිලක් බවද ඔහු කියාසිටියි.

මෙලෙස ඩීසල් මිල කිසියම් අයුරකින් අඩුවුවද බස් රථවල අමතර කොටස් ඇතුළු සසු වියදම් වල අඩුවක් නොමැති බවයි ප්‍රියන්ජිත් වැඩිදුරටත් පවසා ඇත.

එමෙන්ම එළඹෙන ජනවාරි මාසයේ සිට වැට් බද්ද වැඩිවීම හරහා ඉන්ධන සඳහා රු. 50කින් පමණ බද්ද ඉහළ ගියහොත් බස් ගාස්තු යළි වැඩිකිරීමට සිදුවන අතර එසේවුවහොත් අවම බස් ගාස්තුව රු.40ත් 50ත් අතර අගයකට වැඩිවිය හැකි බව ඔහු අවධාරණය කරයි.

සිදු කළ ඉන්ධන මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් බස් සහ ත්‍රිරෝද රථවල ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව එම සංගම් පවසනවා.

ඩීසල් මිල රුපියල් 27 කින් අඩු කළ ද බස් ගාස්තු අඩු කිරීමක් සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද පවසා තිබේ.

මේ අතර ත්‍රිරෝද රථ සංගම් කියා සිටියේ කළින් කළට සිදු කරන ඉන්ධන මිල සංශෝධනයන් හමුවේ ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කරන ප්‍රමාණය ගැන ප්‍රකාශ කිරීමට නොහැකි බැවින් මෙම අවස්ථාවේදී කුලී රථ ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...