ගෙවල් කුළී බද්ද ගැන ජනාධිපති කියන්නේ බොරු – හර්ෂ

ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය වැරදි සහගත බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජනාධිපති මාධ්‍ය අංශය මේ වන විට නිවේදනය කර ඇත්තේ පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපතිවරයා පැවසූ බවයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකර ගත් එකඟතා ගිවිසුමට අනුව පළමු දේපළටද බද්ද අදාළ වන බව එහි සදහන් වන බව හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුව අමතමින් සදහන් කළා.

මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපොළ බද්ද පිළිබඳව දක්වා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් විවිධ දුර්මත සමාජය තුළ ඇතිවී තිබෙන බව අදාළ නිවේදනයෙහි දැක්වෙයි.

එම බද්ද තුළින් අවධානය යොමුකර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත්කළ එම නිවේදනයෙහි සඳහන් වෙයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...