අනෙකාගේ මතය ඉවසන්න බැරි අම්බරු JVP කාරයෝ

මේ වනවිට උද්ගතව ඇති ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධව පෙබරවාරි (12) දින පෙ.ව. 10.00ට අගුණකොළපැලැස්ස, උස්වැව පිහිටි ගැමිදිරිය ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබුණු ගොවි ජාතික සමුළුවේ සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරීමට එහි පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් විසින් කටයුතු කරන ලදී.

“ගොවිතැනේ කුඩිත්තෝ සහ අම්බරුවො” යන තේමාවෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ඒකාධිකාර කිහිපයක් සහ ජාවාරම්කාර මාෆියාවක් විසින් ගොවියා මෙන්ම පාරිභෝගිකයාත් සූරාකෑම මෙන්ම එමගින් උද්ගතව ඇති ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධව සාකච්ඡාවක් ආරම්භ කිරීමටය.

ගොවි ජාතික සමුළුව ගොවි සංවිධාන ගණනාවකින් සමන්විත වන අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගොවි සංවිධානය වන ගොවි අරගල ව්‍යාපාරයද එහි කොටස්කරුවෙකි. මෙම සම්මන්ත්‍රණය ආරම්භ වීමට පෙර එතැනට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රියාකාරීන් පිරිසක් කලහකාරීව හැසිරෙමින් සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරීමට කටයුතු කළේය.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...