අනෙකාගේ මතය ඉවසන්න බැරි අම්බරු JVP කාරයෝ

මේ වනවිට උද්ගතව ඇති ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධව පෙබරවාරි (12) දින පෙ.ව. 10.00ට අගුණකොළපැලැස්ස, උස්වැව පිහිටි ගැමිදිරිය ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබුණු ගොවි ජාතික සමුළුවේ සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරීමට එහි පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් විසින් කටයුතු කරන ලදී.

“ගොවිතැනේ කුඩිත්තෝ සහ අම්බරුවො” යන තේමාවෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ඒකාධිකාර කිහිපයක් සහ ජාවාරම්කාර මාෆියාවක් විසින් ගොවියා මෙන්ම පාරිභෝගිකයාත් සූරාකෑම මෙන්ම එමගින් උද්ගතව ඇති ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධව සාකච්ඡාවක් ආරම්භ කිරීමටය.

ගොවි ජාතික සමුළුව ගොවි සංවිධාන ගණනාවකින් සමන්විත වන අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගොවි සංවිධානය වන ගොවි අරගල ව්‍යාපාරයද එහි කොටස්කරුවෙකි. මෙම සම්මන්ත්‍රණය ආරම්භ වීමට පෙර එතැනට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රියාකාරීන් පිරිසක් කලහකාරීව හැසිරෙමින් සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරීමට කටයුතු කළේය.

Share post:

Popular

වෙනත් පුවත්

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...

පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...