ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (01) යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මාසයේ පැවති දේව මෙහෙයකදී ආගමික අසමගිය ඇතිකිරීමේ චෝදනා යටතේ ඔහුට වරෙන්තු නිකුත්වූ අතර ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය මොහුට නියෝග කරනු ලැබුණි.

බුදුදහමට අපහාස වන අන්දමින් ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා ලද ඔහු ඔහු උසාවි කටයුතු සිදුවන අතර සිංගප්පූරුව වෙත ගොස් තිබුණි.
ආගමික අසමගිය ඇතිවන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පාර්ශව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත
පැමිණිලි කර තිබු අතර අනතුරුව දේවගැතිවරයා ඉදිරිපත් කළ පෙත්සමකට අනුව අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට
නොගන්නා ලෙසටය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු පෙරේදා දිවයිනට පැමිණි පසු පැය 48 ක් තුළ ප්‍රකාශයක් ලබාදෙන්නට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව ඊයේ පැය 10 ක් ප්‍රකාශයක් ලබාදී එහි ඉතිරි කොටස අද ලබාදෙන්නට ගිය අවස්ථාවේ ඔහු අත්අඩංගුවට පත්විය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...