අරලියගහ මන්දිරය ඉදිරිපිට රැඳී සිටින විරෝධතාකරුවන්ට පොලීසියෙන් බාධා

පොලිස් නිලධාරින් පිරිසකගේ මැදිහත්වීමෙන් අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයේ නිරතවන පිරිස ඉවත් කිරීමට සහ ඔවුන්ගේ කූඩාරම් බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

මෙම සිදුවීමේදී එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම නමින් පසුගියදා විරෝධතා අට්ටාලයක් ආරම්භ කර තිබුණි. දින කිහිපයකට පසුව අරලිය ගහ මන්දිරය දෙසින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා පිරිත් විකාශනය කිරීමට පටන් ගෙන තිබේ.

අද උදෑසන පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් මෙම විරෝධතාවය නිසා පදික වේදිකාව අවහිර වන බව පවසමින් එය ඉවත් කිරීමට උත්සාහ ගෙන තිබේ.

විරෝධතාකරුවන් පවසන්නේ විරෝධතා අට්ටාලය නිසා නොව ඒ අසල පොලීසිය විසින් දින ගණනාවක සිට නවත්වා තිබෙන බස් රථ සහ ට්‍රක් රථ හේතුවෙන් පදික වේදිකාව අවහිර වන බවයි.

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතා වැළැක්වීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගැනීමට ද උත්සාහ දරා තිබුණු නමුත් එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...