අරලියගහ මන්දිරය ඉදිරිපිට රැඳී සිටින විරෝධතාකරුවන්ට පොලීසියෙන් බාධා

පොලිස් නිලධාරින් පිරිසකගේ මැදිහත්වීමෙන් අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයේ නිරතවන පිරිස ඉවත් කිරීමට සහ ඔවුන්ගේ කූඩාරම් බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

මෙම සිදුවීමේදී එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම නමින් පසුගියදා විරෝධතා අට්ටාලයක් ආරම්භ කර තිබුණි. දින කිහිපයකට පසුව අරලිය ගහ මන්දිරය දෙසින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා පිරිත් විකාශනය කිරීමට පටන් ගෙන තිබේ.

අද උදෑසන පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් මෙම විරෝධතාවය නිසා පදික වේදිකාව අවහිර වන බව පවසමින් එය ඉවත් කිරීමට උත්සාහ ගෙන තිබේ.

විරෝධතාකරුවන් පවසන්නේ විරෝධතා අට්ටාලය නිසා නොව ඒ අසල පොලීසිය විසින් දින ගණනාවක සිට නවත්වා තිබෙන බස් රථ සහ ට්‍රක් රථ හේතුවෙන් පදික වේදිකාව අවහිර වන බවයි.

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතා වැළැක්වීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගැනීමට ද උත්සාහ දරා තිබුණු නමුත් එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...