ප්‍රමිතියෙන් යුත් ඖෂධ සැපයීමක් සඳහා දුන් විගණන නිර්දේශ ක්‍රියාත්මක කර නෑ

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා 2018 දී ලබාදුන් විගණන නිර්දේශ 47 ක් වසර හයකට වඩා කාලයක් ගතවුවද තවමත් ක්‍රියාත්මක කර නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

මෙම ක්‍රියාවලිය හා අදාලවන වෛද්‍ය සැපයුම් අංශය ,ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ අධිකාරිය පිළිබඳව නොබෝදා නිකුත් කළ විශේෂ විගණන වාර්ථාව මගින් මේ බව අනාවරණය කර තිබේ.

මේ අනුව 2018 දී එවකට විගණකාධිපති එච්.එම්.ගාමිනී විජේසිංහ විසින් මෙකී ආයතන සම්බන්ධයෙන් වූ විගණනයේදී හෙලිවූ දුර්වලතා මගහැර ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය සැපයීම් අවම මිලකට ගෙන බෙදා හැරීම විධිමත් කිරීම සඳහා නිර්දේශ 47 ක් ඉදිරිපත් කර තිබිණි .

එම නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් හා මෙතෙක් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් තැනැත්තන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් මේ පිළිබඳව තවත් නව නිර්දේශ 19 ක් ඉදිරිපත් කරමින් වත්මන් විගණකාධිපති ඩබ්ලිව් .පී.සී.වික්‍රමරත්න නොබෝදා නිකුත් කළ ව්ගණන වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...