ආණ්ඩුවේ ‘සම්බෝලයට දෙහි මිරිකිමේ’ දේශපාලනය

ආණ්ඩුවේ සම්බෝලයට දෙහි මිරිකිමේ දේශපාලනයක් ගැන අද පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ සඳහන් කර තිබේ.

ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ කැරට් කපනවා, රනිල් වික්‍රමසිංහ පොල් ගානවා. ඒ දෙක එකතු කරලා නේද ඔය සම්බෝලේ හැදුවේ කියලා ඇහුවම, ආණ්ඩුව කියනවා, “නෑනේ, අපි මේ සම්බෝලෙට දෙහි ටිකක් මිරිකුවනෙ. ඒ නිසා මේක අපි හදපු එකක්” වගේ උත්තරයක් දෙනවා. දැන් සියලු ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයට බව පුබුදු ජයගොඩ පවසයි.

” දැන් ආණ්ඩුව තෝරමින් ඉන්නේ අමුතුම දේශපාලන පාරක්. ඒ තමයි ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ගනු ලබන දේශපාලන තීන්දු තීරණ කිසිවක් රටේ ජනතාවට හෙළිදරවු නොකර සිටීමේ ක්‍රමය. මේ ක්‍රමය අනුව තමයි ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් නොකළේ. අගමැති හරිනී අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න යනවා හැබැයි ඒ වැඩපිළිවෙළ නිශ්චිතවම මෙන්න මේකයි කියලා කියන්න ඇයවත් දන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලේ ගෙනාව උපාලි සේදර කමිටු වාර්තාවයි රනිල් වික්‍රමසිංහගේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවයි දෙක එකට කලවම් කරලා හදාගත්ත වැඩපිළිවෙළක් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. දැන් අන්තිමට වෙන්නේ මෙහෙම වැඩක්. දැන් සියලු ක්ෂේත්‍ර ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. ”

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...