ඉන්දියාව හරහා කොරෝනා කියවීම

ඉන්දියාව කියන්නේ රටක් විතරක් නෙමේ, ඉන්දියාව කියන්නේ ලෝකයක් – ලෝකය ඇතුලෙ රටක්. රටේ මිලියන හාරසීයක් විතර මිනිස්සු, එරට ජනගහනයෙන් සීයට තිහක් විතර රට ඇතුලෙම සංක්‍රමිකයන් වෙලා ජිවත්වෙන්නේ. (internal migrants) රටේ අගමැති මෝදි හදිස්සියේම නගර locked down කරනවා. පැය හතරක කාලයක් ඇතුලත සියළු දේ වසා දමනව. මිලියන ගණන් මිනිස්සු මහපාරේ අතරමං වෙනව.

වසර කීපෙකට ප්‍රථම ඉන්දියාව පටන්ගන්නව smart city project එකක්. නගර විශාල කරනව. නගරවල විශාල ජනාවාස හදනව. තාක්ෂනය නගරයට උපරිමේ ගේනව. මේ නගර නිර්මාණ වැඩබිම් වල වැඩ කරන්නේ ගම්වලින් ආපු අභ්‍යන්තර සංක්‍රමිකයෝ. ඔවුන් මිලියන ගණනක්.

මේ අස්සේ ඉන්දියාව නයෂ්ටික බලවතෙක්. ඒ විතරක් නෙමේ ලෝක තාක්ෂණික බලවතෙක් වේගෙන එනව. භාෂා විද්‍යාඥයෙක් වන නොඅම් චොම්ස්කි (Noam Chomsky) ප්‍රකාශ කලේ පසුගිය සමයේ ඉන්දියාවේ රාජෙස්තාන් ප්‍රාන්තය උෂ්ණත්වය අංශක 50 ට නැග්ග බවත් තව වසර කීපෙකින් රාජෙස්තාන් ඇතුළු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ මිනිස්සුන්ගේ වාසස්ථානයට නොසුදුසු වන බවයි. ජිවත් වෙන්න අමාරු ගම්වල ඉන්න මින්ස්සුන්ට smart city වල ගෙවල් හම්බ වෙයිද ?

කොරෝනා ආසාධනයෙන් මැරෙන මිනිස්සුන්ට වඩා බඩගින්නේ මැරෙන මිනිස්සුන්ගෙන් පිරි රටක් බවට ඉන්දියාව පත්වනු ඇති බවයි ඔහු කියන්නේ.

කොරෝනා වලින් පස්සේ smart city සහ මළ ගම්බිම් ඉන්දියාවේ ඉතිරිවේවි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...