කරන්නන් කියල බලයට ආපු දේවල් දැන් අභියෝගයක්ලු

මැතිවරණ සමයේ පොරොන්දු වූ දේවල් ඉටුකිරීම දැන් ආණ්ඩුවට අභියෝගයක් බව පවසමින් සිටියි. වතු කම්කරු වැටුප් වැඩිකිරීම තවමත් රජයට අභියෝගයක් වී තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි. හැටන් බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි ද සම්බන්ධ විය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ඔවුන්ට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙය කර්මාන්තයක් බවත් වතු හිමියන් පසුගිය සමයේ විශාල ලාභයක් ලබා ඇති බවත් දක්නට ලැබෙන බවයි.

එසේම වැටුප් වැඩි කිරීමට අදාළව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය අඛණ්ඩව මේ සම්බන්ධයෙන් මැදිහත් කිරීම් සිදුකරමින් සිටින බවත් මෙතෙක් එය සිදු කිරීමට නොහැකි වීම ගැන කණගාටු වන බව බිමල් රත්නායක පවසා ඇත. එසේම ඔවුන් මේ සටන අත්නොහරින බවත් හොරු අල්ලන වැඩපිළිවෙල සම්බන්ධවත් ඔහු පැහැදිළි කළා. ඉදිරි මාස කිහිපය තුළ මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන බව බිමල් රත්නායක වැඩි දුරටත් කියා ඇත.

වතු කම්කරු ජනතාවට මැතිවරණ සමයේ පොරොන්දු ලබාදෙන විට මේ අභියෝගය ආණ්ඩුවේ මහජන නියෝජිතයන් වටහා ගත්තේ නැතිද? නැතිනම් පොරොන්දු ලබාදී ජනතාවගේ ඡන්ද ලබාගැනීම පමණක් ආණ්ඩුවේ අරමුණ වී තිබුණිද?

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...