කරන්නන් කියල බලයට ආපු දේවල් දැන් අභියෝගයක්ලු

මැතිවරණ සමයේ පොරොන්දු වූ දේවල් ඉටුකිරීම දැන් ආණ්ඩුවට අභියෝගයක් බව පවසමින් සිටියි. වතු කම්කරු වැටුප් වැඩිකිරීම තවමත් රජයට අභියෝගයක් වී තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි. හැටන් බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි ද සම්බන්ධ විය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ඔවුන්ට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙය කර්මාන්තයක් බවත් වතු හිමියන් පසුගිය සමයේ විශාල ලාභයක් ලබා ඇති බවත් දක්නට ලැබෙන බවයි.

එසේම වැටුප් වැඩි කිරීමට අදාළව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය අඛණ්ඩව මේ සම්බන්ධයෙන් මැදිහත් කිරීම් සිදුකරමින් සිටින බවත් මෙතෙක් එය සිදු කිරීමට නොහැකි වීම ගැන කණගාටු වන බව බිමල් රත්නායක පවසා ඇත. එසේම ඔවුන් මේ සටන අත්නොහරින බවත් හොරු අල්ලන වැඩපිළිවෙල සම්බන්ධවත් ඔහු පැහැදිළි කළා. ඉදිරි මාස කිහිපය තුළ මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන බව බිමල් රත්නායක වැඩි දුරටත් කියා ඇත.

වතු කම්කරු ජනතාවට මැතිවරණ සමයේ පොරොන්දු ලබාදෙන විට මේ අභියෝගය ආණ්ඩුවේ මහජන නියෝජිතයන් වටහා ගත්තේ නැතිද? නැතිනම් පොරොන්දු ලබාදී ජනතාවගේ ඡන්ද ලබාගැනීම පමණක් ආණ්ඩුවේ අරමුණ වී තිබුණිද?

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...