කුමාර ජයකොඩි වෙනුවෙනුත් ආණ්ඩුව සිය සුජාතභාවය පරදුවට තබයිද?

Date:

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංවාදයක මතුව තිබේ. බොහෝ පිරිසක් පවසන්නේ රන්වල සිදුවීමේදී මෙන් මෙහිදීද ආණ්ඩුව සිය සුජාතභාවය පරදුවට තබන්නේද යන්න ගැන විමසිලිමත්වන බවයි.

විශේෂයෙන් ජාතික ජනබලවේගයට මතවාදීමය වශයෙන් විශාල සහයෝගයක් ලබාදුන් නිර්මාල් දේවසිරි වැන්නන් එම මතය නියෝජනය කරමින් සිටියි. බොහෝ පිරිසක් එය අනුමත කර ඇති ආකාරයද දැකිය හැක.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුළු තව දෙදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත බව sunday times පුවත්පත ”Bribery case against NPP minister” ශීර්ෂයෙන් යුතුව වාර්තාකර ඇත.

2015 වර්ෂයේදී පොහොර සංස්ථාවේ බාහිර මිලදී ගැනීම් සදහා පත් කෙරුණ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර මිලියන 08 ක් රජයට පාඩු කරමින් මුල්‍ය දූෂණයක නිරත වීම අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව තිබෙන චෝදනාව බව අනාවරණය වී ඇත.

මාලිමා ආණ්ඩුවේ මුල් වරට මුල්‍ය දූෂණ චෝදනා එල්ලවන අමාත්‍යවරයා කුමාර ජයකොඩි වේ.

මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමානික්කම් විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ජාජබ ආණ්ඩුවේ මුල්‍ය දූෂණ චෝදනාවකට ලක් වූ අමාත්‍යවරයකු සිටින බවට හෙළිදරව් කරන ලදී.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ප්‍රතිචාරය

මේ අතර පසුගියදා දෙරණ නාලිකාවේ ‘360’ වැඩසටහනට සහභාගි වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, තමන් පොහොර සමාගමෙහි සේවය කරන සමයේ ඉතා සුළු වරදකට වැඩතහනමකට ලක්කළ බවත්, අනතුරු තමාගේ වෘත්තිය මට්ටම පහත හෙලු බැවින් ඉන් ඉදිරියට ඒම ආයතනයේ සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටි බවත් පැවසී ය.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...