මාරාන්තික සටනින් මහේශාක්‍යට  අසාධ්‍යයි –  වනජීවි අවධානය මන්දගාමී

කැබිතිගොල්ලෑව නැබඩ  වැව් සීමාවේ බුවනක හා මහේශාක්‍ය යන ඇතුන් අතර ඇතිවූ ගැටුමකින් මහේශාක්‍ය ඇතා අසාද්‍ය තත්වයෙන් වැව් සීමාවේ  වැටී ඉන්නා බව වාර්තා වෙනවා  . ඇතා වැටී ඉන්න ප්‍රදේශය තුළ ඔහුගේ ආරක්ෂාව පිළිබඳ විශාල ගැටලුවක් මතුවී තිබෙන බව  අවබෝධ කරගත් ජනතාව වනජීවී දෙපාර්තමේන්තුවට පණිවිඩය යවා තිබුණද  ඇතාගේ ආරක්ෂාව තහවුරු කරමින් ජීවිතය ආරක්ෂා කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම ප්‍රමාද වී ඇත.  අප මේ සටහන තබන මොහොත වන විටත් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එතනට පැමිණ නොමැති අතර සාධ්‍ය සතාගේ ආරක්ෂාව සඳහා  ප්‍රදේශයේ තරුණයන් කීපදෙනකු  ඇතා අසල සිටිමින් ආරක්ෂාව සපයමින් වනජීවි නිලධාරීන්ගේ පැමිනීම අපේක්ෂාවෙන් සිටී.

දරුණු පහර කෑමකට ලක්ව සිටින මහේශාක්‍යට  ක්මන් ප්‍රතිකාර නොලැබුණොත් ජීවිතක්ෂයට පත් වීමට ඇති ඉඩකඩ වැඩියි.

Janaka Withanage

 

Share post:

Popular

වෙනත් පුවත්

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...