‘ගුටි දීම’ අනුමත කරන නව පොලිස්පති

ශ්‍රී ලංකාවේ අලුතින් පත්වූ පොලිස්පතිවරයා, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් දරුවන්ට පහරදීම යුක්තිසහගත කිරීමට උත්සහා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විරෝධයක් එල්ල වෙමින් තිබේ.

පොලිස්පතිවරයා විසින් අදාළ ප්‍රකාශය සිදුකරන්නේ නීති පීඨයේ සුහද හමුවක වීමත්, එම ප්‍රකාශය සිදුකරන විට ශාලාවේ සිටි අය අත්පුඩි ගැසීමත් එම තත්ත්වය තවත් සංකීර්ණ කරන බව බොහෝ පිරිසකගේ අදහසයි.

සිය පාසල් සමයේ දී සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් තම මව තමන්ට පහරදුන් බවත්, එය තමන් හැදීමට හේතුවූ බවත් ඔහු ප්‍රකාශ කරයි. එයින් ඔහු කියන්නට උත්සහා කරන්නේ තමන් මේ තැනට පත් වූනේ ‘ගුටි කෑම’ නිසා බවයි. පොලිස්පතිවරයෙක් මෙවැනි අන්දමක ප්‍රකාශයක් කිරීම බරපතල බවත් විශේෂයෙන් වදහිංසාව සම්බන්ධයෙන් පොලීසියට බරපතල චෝදනා තිබියදී මෙවන් අදහසක් පොලිස්පතිවරයෙක් ප්‍රකාශ කිරීම ඔහු යටතේ පොලීසියේ හෙට දවස පිළිබද සැක ඇතිවෙමින් පවතින බව මේ පිළිබඳ අදහස් දක්වන පිරිසගේ අදහසයි.

එමෙන්ම එම කතාව තුළදී, කන්තලේ පාසලක විදුහල්පතිවරයකු ළමයෙක්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කළ ප්‍රකාශ ය ද අතිශයින් ඛේදනීය ය. ඔහු මෙසේ කියයි.
‘…… මේ අද උදේ මට ආපු ප්‍රශ්නයක්. කන්තලේ ප්‍රින්සිපල්ව ගෙනියන්න හදනවා, දේශපාලන බලයකුත් එක්ක, අම්මා කම්පලේන් එක මටත් එවනවා. මගේ පෝන් එකේ තියනවා. ප්‍රින්සිපල් ගැහුවා කියලා ළමයාට. – ඊට පස්සේ මගේ අම්මා මොකද දන්නවද කරේ. මාව එක්කන් ගිහිල්ලා කවුද ගැහුවෙ කියලා ඇහුවේ නෑ. එතන තිබුණ හොදම පොල්ලෙන් දිගට හරහාට දීගන ගියා. මම ඒ කොල්ලගෙනුත් ගුටිකාලා. අම්මාගෙනුත් ගුටි කෑවා……………. මට මේ පාත් එක හදලා දුන්නේ අන්න ඒ පහරදීම් එක්ක”

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...