PTA යොදාගෙන මේ වසරේදී 49ක් අත්අඩංගුවට අරගෙන

ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වූ ආණ්ඩුව එම නීතිය දිගින් දිගටම යොදා ගනිමින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති ආකාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සිය නවතම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

2025 වසරේ ජනවාරි සිට මැයි 23 දක්වා වු කාලය තුළ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යොදාගෙන 49 දෙනකු අත්අඩංගුවට ගන්නා ලද බව එක්සත් ජාතීන්ට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් දන්වා ඇති බව වාර්තා වේ.

මහකොමසාරිස් වාර්තාවට අනුව 2024 වර්ෂය තුළ ත්‍රස්තවාදය වැළැක්විමේ පනතින් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 දෙනකු පමණි. පනත වැඩියෙන්ම යොදාගෙන ඇත්තේ දෙමළ හා මුස්ලිම් ජාතිකයන් මර්දනයටයි.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට රජය පොරොන්දු වුවද, තවදුරටත් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ චෝදනාවක් හෝ නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට එහි අඛණ්ඩ භාවිතාව මග පාදාතිබේ. වාර්තාවට අදාළ කාල පරිච්ඡේදය තුළදී, අනුස්මරණ හෝ විරෝධතා සංවිධානය කිරීම හෝ ඊට සම්බන්ධ වීම ඇතුළු කටයුතුවලට ප්‍රධාන වශයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඇත්තේ දෙමළ හා මුස්ලිම් ප්‍රජාවල සාමාජිකයන්ය,” යි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් අගෝස්තු 12 දා බෙදාහරින ලද වාර්තාවේ දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...