චෙම්මනි ගැන වාර්තා කළ මාධ්‍යවේදී කුමනන්ගෙන් පැය 06ක් ප්‍රශ්න කරලා

Date:

මෑතකදී චෙම්මනි සමූහ මිනී වළ සම්බන්ධයෙන් දිගින් දිගටම වාර්තා කළ මාධ්‍යවේදියෙකු වූ කනපතිපිල්ලෙයි කුමනන් ඊයේ ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයට ගෙන්වා පැය 06ට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.

කුමන චෙම්මනි ගැන පමණක් නොව පොදුවේ වන්නියේත් විශේෂයෙන්ම යුද පීඩිත ජනතාවගේත් තොරතුරු වසර කිහිපයක සිට වාර්තාකරණයේ යෙදී සිටියි.

යුද පීඩිත උතුරෙන් අලුතින්ම හමුවූ සමූහ සුසානය සම්බන්ධයෙන් මේ දින වල වාර්තාකරණයේ යෙදී සිටින ප්‍රමුඛතම මාධ්‍යවේදියාගෙන් මෙලෙස ත්‍රස්ත පොලීසිය ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය විමසු විට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සදහන් කළේ එයට ඉදිරි කැබිනට් මාධ්‍ය හමුවේදී පිළිතුරු දෙන බවයි.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාද වන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ඒ බව සඳහන් කළේ, ජිනිවාහිදී මුළු දෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති මොහොතක යාපනයෙන් හමුවු සමුහ සුසානය සම්බන්ධයෙන් වාර්තාකරනයේ යෙදී සිටින මාධ්‍යවේදීයාට මෙවැනි බලපෑම් කිරිම සම්බන්ධයෙන් ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදියකු විමසු විටය.

“මානව හිමිකම් සැසිවාර පදනම් කරගෙනත් සමහර සිදුවීම් උළුප්පා දැක්වීමේ හෝ අසත්‍ය සිදුවීම් වාර්තා කිරීමේ ප්‍රවනතාවයකුත් අපේ රටේ සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා.”

එම කාලය තුළදී මාධ්‍යවේදියාගේ පුද්ගලික ගනුදෙනු සහ ඔහු විසින් පලකරන ලද ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලද බව කුමනන්ගේ නීතිඥයා පවසා තිබේ. ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් එළියේ කතා නොකරන ලෙසටත් පොලීස් නිලධාරීන් මාධ්‍යවේදියාට දැනුම් දුන් බවත් ඔහු පවසා ඇත.

“මේ ප්‍රශ්න කිරීමේදී එයාගේ තොරතුරු, එයාගේ බැංකු ගිණුම්, දුරකතන සන්නිවේදන, සමාජ මාධ්‍ය ඔස්සේ මාධ්‍යවේදියකු හැටියට ඔහු පලකළ ප්‍රවෘත්ති ආදිය ගැන පැය 6කට වැඩිය ප්‍රශ්න කළා. මේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කිසි තොරතුරක් එළියේ කතා කරන්න එපා කියල එයාට දැනුම් දුන්නා. මීට අමතරව ඉදිරි විමර්ශන සඳහා කැඳවීමක් කලොත් එන්න ඕනෙයි කියලත් නියම කළා.”

විමර්ශන කටයුත්තක් වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයකු වන හේමසිරි ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් විස්තර ලබා ගැනීමේදී අධිකරණ නියෝගයක් ලබා ගැනීමට සිදුවු බව සිහිපත් කරන නීතීඥ නඩරාජා කාන්දීපන් පවසන්නේ එවැනි අධිකරණ නියෝගයක් නොමැතිව මාධ්‍යවේදියාගේ එම තොරතුරු ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය විසින් විමසීම මාධ්‍යවේදියාට සිදු කළ අඩන්තේට්ටමක් ලෙසයි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...