තෙල් මිල ‘ටොෆියකින්’ අඩුවේ

අද රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.

කෙසේ වෙතත් මේ වන විට අධික මිලකට අලෙවි වන අනෙකුත් කිසිදු ඉන්ධන වර්ගයක මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර නැහැ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් හැර අනෙකුත් ඉන්ධන වර්ග සියල්ලේම මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇති.

මීට පෙර ආණ්ඩුවට හිතවත් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුනේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල රු 50ක් 100ක් අතර මිලකින් අඩුවෙනු ඇති බවයි.

එය බොරුවක් බව සනාථ කරමින් සුදු ඩිසල් මිල පමණක් රු 10න් අඩුකර තිබේ. මෙය බොහෝදෙනෙක් විසින් සමාජ මාධ්‍ය ජාල හරහා උපහාසයට ලක්කර තිබෙනු දැකිය හැකිවිය. ඔවුන් සඳහන් කරන්නේ ඩීසල් ටොෆියක් මිලට සමාන මිලකින් අඩුවී ඇති බවයි. පසුගිය සමයේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ටොෆියක මිලද රු 10ක් දක්වා වැඩිවී තිබුණි. ඒ අනුව ඩීසල් මිල පහත දැමීම හරහා ජනතාවට ඉතිරිවන මුදලින් කළ හැක්කේ ටොෆියක් මිලදී ගැනීම පමණි. වෙනත් කිසිදු භාණ්ඩයක මිල පහළ යාමට මෙම මිල සංශෝධනය බලපෑමක් ඇති නොකරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...