තෙල් මිල ‘ටොෆියකින්’ අඩුවේ

අද රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.

කෙසේ වෙතත් මේ වන විට අධික මිලකට අලෙවි වන අනෙකුත් කිසිදු ඉන්ධන වර්ගයක මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර නැහැ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් හැර අනෙකුත් ඉන්ධන වර්ග සියල්ලේම මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇති.

මීට පෙර ආණ්ඩුවට හිතවත් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුනේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල රු 50ක් 100ක් අතර මිලකින් අඩුවෙනු ඇති බවයි.

එය බොරුවක් බව සනාථ කරමින් සුදු ඩිසල් මිල පමණක් රු 10න් අඩුකර තිබේ. මෙය බොහෝදෙනෙක් විසින් සමාජ මාධ්‍ය ජාල හරහා උපහාසයට ලක්කර තිබෙනු දැකිය හැකිවිය. ඔවුන් සඳහන් කරන්නේ ඩීසල් ටොෆියක් මිලට සමාන මිලකින් අඩුවී ඇති බවයි. පසුගිය සමයේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ටොෆියක මිලද රු 10ක් දක්වා වැඩිවී තිබුණි. ඒ අනුව ඩීසල් මිල පහත දැමීම හරහා ජනතාවට ඉතිරිවන මුදලින් කළ හැක්කේ ටොෆියක් මිලදී ගැනීම පමණි. වෙනත් කිසිදු භාණ්ඩයක මිල පහළ යාමට මෙම මිල සංශෝධනය බලපෑමක් ඇති නොකරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...