ඖෂධ හිඟය උග්‍ර අතට – රෝහල්වල කටයුතු අකර්මණ්‍ය වීමේ අවදානමක්

තෙල්, ගෑස් ,අත්‍යවශ්‍ය ආහාර පමණක් නොව රට තුළ මේවනවිට ඖෂධ හිඟයක්ද නිර්මාණය වී තිබේ.

දිවයින පුරා රෝහල් රැසක හෘද, වකුගඩු සහ පිළිකා රෝගීන්ට භාවිත කරන ඖෂධ විශාල ප්‍රමාණයක මේ වනවිට තොග අවසන් වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.

ඉදිරි මාස දෙක ඇතුළත තවත් ඖෂධ විශාල ප්‍රමාණයක තොග අවසන්වීමට නියමිත බවයි එම සංගමය අනාවරණ කර සිටියි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මේ බව පවසා තිබේ.

ඊයේ දිනය තුළ දී මෙරට ප්‍රධාන පෙළේ රෝහල් දෙකක් වෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ ගාල්ල කරාපිටිය රෝහලේ සැලසුම්කල ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට සිදු වූයේ සෞඛ්‍ය උපකරණ සහ ඖෂධවල ඇති හිගතාවය හේතුවෙන්.

ඊට අමතරව අද දින කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.

රජයේ රෝහල්වල ඖෂධ වර්ග 40 ක තොග ප්‍රමාණවත් වන්නේ තවත් සති තුනකට පමණක් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය ලේකම්වරයාද පවසා තිබේ.

එසේම ඖෂධ තොග අවසන් වීමට අමතරව ඇතැම් ඖෂධවල මිල සියයට තුන්සීයකින් පමණ ඉහළ ගොස් ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...