මෑතක කියවූ අපූර්ව පොතකි මොහාන් රාජ්ගේ නිල් කට්රොල්.
“යථාව ප්‍රබන්ධයක් ද ප්‍රබන්ධය යථාවක් ද ”
අවසානයේ මා අතරමං වුනේ එතැනයි.
නිල් කට්රොල්හි උපුලී මා සිත්ගත් ඉතිහාස ලියයි.
කුලයෙන් හීන,පැහැයෙන් හීන උපුලී මාලිගා සැප විඳින්නට සමත් වුව කුලය හා රුව ඇයව සම තැනින් විසම තැනට ගෙනෙයි.
නමුදු උපුලීට ගැහැණියක ලෙස ඇගේ ස්වභිමානය ගොඩ නගා ගැනීමට මුල් වන්නේද අවසන එකී සාධකම වීම ආශ්චර්යජනක ය.
අඩුතැන් පිරවීම ජීවිතය යි.
උපුලිගේ පුත් කාශ්‍යප මවට තුනුවියේ අහිමි වී ගිය සංතෘප්තිය සීගිරි කළුගල මත විචිත්‍රවත් කරන්නේ…..
කළු සුදු,උස් පහත් ,කුලවත්,කුලහීන සෑම තලයකටම අයත් ස්ත්‍රී රූප සඳහා සමාන අවස්ථා ලබාදෙමිනි.
කළුගල මත නිල් කට්රොල් මල් පැහැයෙන් ,දඹරන් පහැයෙන් සිටියත් හැම ස්ත්‍රියම එකම රුවින් එකම ස්වරූපයෙන් යුක්තය.
මොහාන් රාජ් ප්‍රබන්ධයක් හරහා මතුකරන යථාව මනරම් ය.
මානව ප්‍රේමය පමණක් නොව දේශපාලනය,ආගම පිළිබඳ සියුම්වූත්,ගැඹුරුවූත් නව මානයන් නිල්කට්රොල් හි අන්තර්ගතය.
දැන් ද්‍රව්පදි නිල් කට්රොල්වලට එන්නේ කොහොමද ?
උපුලී මෙන්ම ද්‍රව්පදි ද නියෝජනය කරන්නේ සමජයේ එක් ආන්තික පැතිකඩකි.
ස්ත්‍රිය,කුලය ,පංතිය,ගෝත්‍රය මේ සියල්ල වාසිදායක ලෙස භාවිත කරන්නට දක්ෂයාට හැක.
එහිදී ධාතුසේන රජු උපුලී භාවිත කළ අයුරින්ම නොවුනත් අගමැති මෝදිට ද ද්‍රව්පදි භාවිත කළ හැකි ආකාර තිබිය හැක.
එහෙත් ඊට වඩා අපට සතුටු විය හැකි කරුණු ඇත.
උපුලී නිසා උපන් කාශ්‍යප ලංකා ඉතිහාසයේ අප හඳුනාගත් උත්තුංග පෞරුෂයකි.
ද්‍රව්පදි නිසා ඉන්දියාව තුළ අක්මුල් අහිමි වී ගිය,අයිතීන් අහිමි වී ගිය සමස්ත ජනගහනයෙන් සියයට අටයි දශම හයක ආදිවාසි ජනයාගෙන් දශමයකට හෝ සේවක් වුවහොත් එය ඉතිහාසගත පිම්මක් වනු ඇත.
ඉතින් ඉඩක් තියෙන වෙලාවක ඉතිහාසය අපූර්ව ලෙස ප්‍රබන්ධය හරහා කියවීමට නිල් කට්රොල් කියවන්න !