නිල් කට්රොල් උපුලී හා ද්‍රව්පදි

මෑතක කියවූ අපූර්ව පොතකි මොහාන් රාජ්ගේ නිල් කට්රොල්.

“යථාව ප්‍රබන්ධයක් ද ප්‍රබන්ධය යථාවක් ද ”
අවසානයේ මා අතරමං වුනේ එතැනයි.

නිල් කට්රොල්හි උපුලී මා සිත්ගත් ඉතිහාස ලියයි.

කුලයෙන් හීන,පැහැයෙන් හීන උපුලී මාලිගා සැප විඳින්නට සමත් වුව කුලය හා රුව ඇයව සම තැනින් විසම තැනට ගෙනෙයි.

නමුදු උපුලීට ගැහැණියක ලෙස ඇගේ ස්වභිමානය ගොඩ නගා ගැනීමට මුල් වන්නේද අවසන එකී සාධකම වීම ආශ්චර්යජනක ය.

අඩුතැන් පිරවීම ජීවිතය යි.

උපුලිගේ පුත් කාශ්‍යප මවට තුනුවියේ අහිමි වී ගිය සංතෘප්තිය සීගිරි කළුගල මත විචිත්‍රවත් කරන්නේ…..

කළු සුදු,උස් පහත් ,කුලවත්,කුලහීන සෑම තලයකටම අයත් ස්ත්‍රී රූප සඳහා සමාන අවස්ථා ලබාදෙමිනි.

කළුගල මත නිල් කට්රොල් මල් පැහැයෙන් ,දඹරන් පහැයෙන් සිටියත් හැම ස්ත්‍රියම එකම රුවින් එකම ස්වරූපයෙන් යුක්තය.

මොහාන් රාජ් ප්‍රබන්ධයක් හරහා මතුකරන යථාව මනරම්‍ ය.

මානව ප්‍රේමය පමණක් නොව දේශපාලනය,ආගම පිළිබඳ සියුම්වූත්,ගැඹුරුවූත් නව මානයන් නිල්කට්රොල් හි අන්තර්ගතය.

දැන් ද්‍රව්පදි නිල් කට්රොල්වලට එන්නේ කොහොමද ?

උපුලී මෙන්ම ද්‍රව්පදි ද නියෝජනය කරන්නේ සමජයේ එක් ආන්තික පැතිකඩකි.

ස්ත්‍රිය,කුලය ,පංතිය,ගෝත්‍රය මේ සියල්ල වාසිදායක ලෙස භාවිත කරන්නට දක්ෂයාට හැක.

එහිදී ධාතුසේන රජු උපුලී භාවිත කළ අයුරින්ම නොවුනත් අගමැති මෝදිට ද ද්‍රව්පදි භාවිත කළ හැකි ආකාර තිබිය හැක.

එහෙත් ඊට වඩා අපට සතුටු විය හැකි කරුණු ඇත.

උපුලී නිසා උපන් කාශ්‍යප ලංකා ඉතිහාසයේ අප හඳුනාගත් උත්තුංග පෞරුෂයකි.

ද්‍රව්පදි නිසා ඉන්දියාව තුළ අක්මුල් අහිමි වී ගිය,අයිතීන් අහිමි වී ගිය සමස්ත ජනගහනයෙන් සියයට අටයි දශම හයක ආදිවාසි ජනයාගෙන් දශමයකට හෝ සේවක් වුවහොත් එය ඉතිහාසගත පිම්මක් වනු ඇත.

ඉතින් ඉඩක් තියෙන වෙලාවක ඉතිහාසය අපූර්ව ලෙස ප්‍රබන්ධය හරහා කියවීමට නිල් කට්රොල් කියවන්න !

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...