“ආණ්ඩුව විසින් ජනතාවට අහිතකර ලෙස බලාන තීරණ කිහිපයක් අරගෙන තිබෙනවා. 2022 මේ පාලකයන් 12%ක් ලෙස තිබුණු වැට් බද්ද, එකතු කළ අගය මත බද්ද 15%ක් කළා. දැන් 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු 18%ක් කරන්න තීරණය කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වනවිට වැට් බදු අදාළ නොවූ භාණ්ඩ ගණනකට වැට් බදු අකරන්නත් තිරණය අරගෙන.
සහල්, සහල් පිටි, තිරිඟු, තිරිඟු පිටි, පාන්, ළදරුන්ට දෙන කිරිපිටිඇතුළුව සියලු කිරිපිටි, බිත්තර, කුළුබඩු වගේ භාණ්ඩ, ඛනිජ තෙල්, ජංගම දුරකථන, අධ්‍යාපනයට අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනට අත්‍යවශ්‍ය සේවා, විදුලි සංදේශ සේවා මේ සියල්ල අලුතින් වැට් බදුවලට යටත්කරනවා. මේ නිසා මේ සියලු භාණ්ඩ හා සේවාවල ගාස්තු ඉහළ යාමට නියමිතයි.
ජනතාව මේ වනවිට විදුලි ගාස්තු ඩිවීමෙන් ගෙවන්න බැරි පීඩාවක ඉඳිදද්දි, මාස 3න් 3ට විදුලි බිල සංශෝධනය කරන්න තීරණය කර තිබෙනවා. මුලින් කීව වසරකට දෙවරක් ගාස්තු සංශෝධනය කරනවා කියලා.
එවගේම ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඇස් බැන්දුමකට වගේ 92 පෙට්‍රල් මිල අඩු කළත් අනෙක් සියලු ඉන්ධන මිල ඉහළ දැමීමත්සමග අනකුත් සියලු භාණ්ඩ හා සේවා ගාස්තු බහළ යාමට නියමිතයි. විශෙෂයෙන් බස් ගාස්තු ඉහළ දැමීම වගේ දේවල් ජනතාව තදුරටත් පීඩාවට ලක් කරනවා.
2019 වසර වනවිට පුද්ගලයකුට යැපීම සඳහා මාසයකට රු. 6966ක් අවශ්‍ය බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දැන් 2023 ගැන කියන්නෙ පුද්ගලයකුට අවශ්‍ය වියදම රු. 16207ක් දක්වා 132.65%කින් ඉහළ ගොස් තිබෙන බවයි. කිසිවකුගෙ ආදායම වැඩි වෙලා නැති තත්වයක් තුළ මේක දරා ගන්න අමාරුයි.
ලෝක බැංකු නිර්ණායකවලට අනුව, දිළිඳුන් කියන්නෙ, දිනකට රු 1332කට වඩා අඩු ආදායම් තිබෙන අය. ලංකාවෙදි මේ දුප්පතුන් ලෙස සැළකෙන පිරිස 2021දි 13.1%ක් කියලා වාර්තා වුණේ. 2022දි ඒ ප්‍රමාණය 25.6%ක් දක්වා වර්ධනය වෙලා තිබුණා. 2023 තවම වසර අවසන් නැති නිසා සංඛ්‍යාත්මකව කියන්න නොහැකියි. නමුත්, ‘ලර්න්ඒසියා’ ආයතනයේ ආචාර්ය වසන්ත අතුකෝරළ කළ පර්යේෂණයකට අනුව, ලක්ෂ 40ක් 2023 ඇතුළත කළින් දුප්පතුන් ලෙස නොසැළකුණු 40%ක් දුප්පතුන්ගෙ ගොඩට එකතු වූ බව අනාවරණය වුණා. දැන් සිදුවන දේ අනුව, මේක 2023 අවසානයේ විශාල ලෙස ඉහළයාමට නියමිතයි. මේ විදියට වැට් බදු වැඩිකරලා ඉන්ධන මිල, විදුලි ගාසතු වැඩි කළාම ජනතාවගේ ජීවන තත්වය අන්තඅම දුෂ්කර අඩියකට පත්වන බව නිසැකවම කියන්න පුළුවන්.
මේ ආකාරයට ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ යනවිට මේ දුෂ්කර තත්වය තවත් නරක අතට හැරෙනවා. මොකද, විදුලි ගාස්තු වැඩිවීමත් සමග ප්ලේන්ටියේ සිට සියල්ල ඉහළ යනවා.
ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ සියල්ල ගෙවන්න බැරි ඉහළ අගයන් බවට පත්වන්න නියමිතයි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, UNDP ‘බහුමාන අවදානම් දර්ශකය’ යටතේ ඉදිරිපත් කළ වාර්තාවකට අනුව, මේ වනවිට ලංකාවෙ ජනගහණයෙන් 55.7%ක් දුප්පතුන් ගොඩට ඇද වැටී තිබෙනවා. මේ රටේ මිනිස්සුන්ගෙන් බාගයකට වැඩි පිරිසක් දුප්පත්තු වෙලා.
කවුරු හරි හිතනවා නම්, කන්නෙ නැතිව වතුර බීලා ඉන්න, ඒකත් බැරි වෙනවා. 35%ක් සමස්ත ජනගහණයෙන් 1/3කට වැඩි පිරිසක් දෛනික ජල පහසුකම් නැති අය බව කියනවා. දැන් ජල ගාස්තු වැඩි වෙලා තියෙන තත්වය නිසා මේක තවත් වැඩි වෙන්න නියමිතයි. හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය පාර්ලිමේන්තුවෙදි කිව්වා මේ රටේ දරුවන් සහ කාන්තාවන් ලක්ෂ 9ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව. දැන් මේ ආණ්ඩුව එහෙම පවතින තත්වයකදි තමයි සාමාන්‍ය ජනතාවට මේ බදු ගහන්නෙ.
2022 වසරට සාපේක්ෂව 2023 බදු ආදායම 51% වැඩි වූ බව බන්දුල ගුණවර්ධන සාඩම්බරයෙන් ප්‍රකාශ කළා.
මොන බදුද මේ ? අපි දන්නවා, බදු වර්ග දෙකක් ගැන. ධනපති සමාගම්වලින් ධනකුවේරයන් ගෙවන බදුද? නැත්නම් සාමාන්‍ය ජනතාව ගෙවන බදුද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන විදියට ධනපති සමාගම්වලින් අයකරන, ධනකුවේරයන් ගෙවන ඍජු බදුවලින් මේ දක්වා නොගෙවා පැහැර හැරි බදු වටිනාකම, රුපියල් බිලියන 904ක්. කෝප් කමිටුවෙ වාර්තාවෙ තියෙනවා, බදු ගෙවිය යුතු පාර්ශ්වවලින් කිසිදු ඉල්ලීමක් නැතිව ගෙවන්න නියමිත බිලියන 270ක් කපා හැර තිබෙන බව.
සාමාන්‍ය ජනතාව, පරිප්පු ඇටයේ සිට බදු ගෙවන එක කරද්දි ධනකුවේරයන් නොගවෙපු බදු කපා හරිනවා. ඒ විතරක් නෙවෙයි, තරුණ ජනමාධ්‍යවේදීන්ගෙ සංගමය කළ විමසීමකදි අනාවරණය වුණා, අය කර නොගත් රුපියල් බිලියන 904න් බිලියන 572ක් අය නොකරන්න තීරණය කරලා කියලා. මේ සාමාන්‍ය ජනතාව අමාරුවෙන් ගැටගහගෙන ජීවත් වෙද්දි, පාර්ලිම්න්තු,කැබිනට්මන්ඩලය කෙහොමද මේ තීරණය ගත්තෙ?
මේ නිසා අපි මේ රටේ වැඩකරන ජනතාවගෙන්, පීඩාවට පත්වන සියලු ජතාවගෙන්ඉල්ලා සිටින්නෙ, මේ පීඩාකාරී පාලනය අවසන් කරන්න පෙරට එන්න, සංවිධානය වෙන්න, ජනතාවගෙ අවශ්‍යතා වෙනවෙන් ජනතා පාලනයක් බිහිකරන, ජනතා බලයක් ගොඩ නගන්න, ජනතා ප්‍රමුඛතා වෙනුවෙන් පාලන බලය ජනතාව අතට ගන්න පෙරට එන්න කියලා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ ජනතා අරමුණු ජයග්‍රහණය කරන්න උපරිම කැපවීමෙන් කටයුතු කරන්න සූදානම්.”