Breaking News

කොරෝනා ඇමරිකාවත් බිමදාන ලකුණු

මේ මොහොත වනවිට ඇමරිකාව කොරෝනා වෛරසය ආක්‍රමණය කරමින් සිටී. Los Angeles ,Cleveland ,New York නගරවල පිහිටි බන්ධනාගාර තුල වෛරසය පැතිර යාමේ අවදානමත් සමග සිරකරුවන් සිය ගනනක් මුදා හැරීමට එරට බලධාරින් පියවර ගනිමින් සිටී. මේ වනවිට ඇමරිකාව තුල ආසාදිත පිරිස 11,611 දක්වා ඉහළ නැග ඇත. එම රෝගීන් අතරින් 174 දෙනෙකු මියගියේය. මේ මොහොත වනවිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිව්යෝර්ක් නගරයෙනි. එම නගරය තුල පමණක් රෝගීන් 4159 දෙනෙකු රෝහල් තුල ප්‍රතිකාර ගනිමින් පසුවේ. වොෂිංටන් ප්‍රාන්තයේ 1187 දෙනෙකු වාර්තා වී ඇත. අද දිනය තුල පමණක් නව රෝගීන් 2352 ක් ඇමරිකාවෙන් වාර්තා විය

Russell CP Bandarawatta

leave a reply