Breaking News

මන්දිරයේ තිබී හමුවූ මුදල් ව්‍යාපාරිකයන් දුන්න ඒවා – ගෝඨාට අවුරුද්දකට පස්සේ මතක් වෙලා

අරගලකරුවන්ට ජනාධිපති මන්දිරයේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ විනාශ වු නිවාස හා දේපල යථා තත්ත්වයට පත් කිරීම සදහා එම පක්ෂයේ ව්‍යාපාරිකයන්ගේ අරමුදලකට එකතු වු මුදල් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙමින් සඳහන් කර සිටියේ ඔහු ලබා දුන් දෙවන ප්‍රකාශයේ එය සදහන් බවයි.

මිරිහාන සිද්ධියෙන් පසුව ජනාධිපති මන්දිරයේ තමා පදිංචිව සිටි බවත් කැරලිකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එහි තිබු ලේඛන විශාල ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බවත් එම ප්‍රකාශයේ සදහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා.

තවද ඔවුන් පවසා සිටියේ මුදල් ලැබුණු ලේඛනය මේ වනවිට අස්ථාන ගතවීම හේතුවෙන් එම මුදල් ලැබාදුන් අයගේ නම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවයි.

එම මුදල් තමාගේ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු අයිතිවාසිකම් කියන බවට අධිකරණයට දැනුම්දීම සම්බන්ධයෙන් මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ එම මුදල් සම්බන්ධයෙන් සහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අදාල උදෘත මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන්නේ ද යන්න පිළිබදව නීතිපතිවරයාගෙන් කරුණු විමසන බවයි.

අධිකරණ නියෝග ප්‍රකාරව අධිකරණයේ පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගෙන් ලබන 28 ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවයි.

හිටපු ජනාධිපතිවරයා දැනුම් දෙන ස්ථානයකට ගොස් එම ප්‍රකාශය ලබා ගන්න බව ලිපියක් මගින් දැනුම් දී තිබෙන බව ද ඇය අධිකරණයට දන්වා සිටියා.

අධිකරණයේ පෙනී නොසිටි වින්දනයක් ආරක්ෂා කිරීමේ අධිකාරියට නැවතත් නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ඉදිරි දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මිට පෙර පවසා තිබුනේ එම මුදල් ගෝඨාභය රාජපක්ෂගේ නොවන බවයි. විශේෂයෙන් මේ මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය අද (ජුනි 26 වැනිදා ) රිට් ආඥාවක් නිකුත් කරන අවස්ථාවේ මෙම මුදල් ගෝඨාභය රාජපක්ෂගේ නොවන බවයි.

 

leave a reply