පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් තවම නිදැල්ලේ – ඉතාලියේ ජනතාව යුක්තිය ඉල්ලයි

2019 අප්‍රේල් මාසයේ 21 දා සිදු වූ පාස්කු දින ප්‍රහාරයට වසර හතරක් සම්පූර්ණ වුවද එම අපරාධය සිදු කළ කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට, දඩුවම් පැමිණවීමට වර්තමාන ආණ්ඩුවට ද හැකියාවක් ලැබී නොමැත. ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට වසර හතරක් සම්පූර්ණ වන තැන ආණ්ඩු තුනක් මාරුවී සහ ජනාධිපතිවරු තුන්දෙනෙක් පත්ව තිබේ. නමුත් මේ කිසිවෙකුත් මේ අපරාධය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර නැති අතර ප්‍රහාරයෙන් මියගිය දෙසිය හැත්තෑ දෙදෙනෙකුගේ ජීවිත වලට හෝ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ කිසිවෙකුට සාධාරණයක් ඉෂ්ඨ කර නොමැත.

21 වන දාපාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ගෙනගිය විරෝධතාවයට සමගාමීව අද දින ඉතාලියේ විවිධ නගරවල උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි. පාදුවා සාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් පැවැති අතර එහි රැස්වූ ජනතාව විරෝධතාවයකද නිරත විය.

Share post:

Popular

වෙනත් පුවත්

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...

හෝමාගම පොලිසියේදී සිදුවූ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ තහනම්

හෝමාගම පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී මියගිය බවට සැක...

කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය

මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ...