පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් තවම නිදැල්ලේ – ඉතාලියේ ජනතාව යුක්තිය ඉල්ලයි

2019 අප්‍රේල් මාසයේ 21 දා සිදු වූ පාස්කු දින ප්‍රහාරයට වසර හතරක් සම්පූර්ණ වුවද එම අපරාධය සිදු කළ කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට, දඩුවම් පැමිණවීමට වර්තමාන ආණ්ඩුවට ද හැකියාවක් ලැබී නොමැත. ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට වසර හතරක් සම්පූර්ණ වන තැන ආණ්ඩු තුනක් මාරුවී සහ ජනාධිපතිවරු තුන්දෙනෙක් පත්ව තිබේ. නමුත් මේ කිසිවෙකුත් මේ අපරාධය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර නැති අතර ප්‍රහාරයෙන් මියගිය දෙසිය හැත්තෑ දෙදෙනෙකුගේ ජීවිත වලට හෝ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ කිසිවෙකුට සාධාරණයක් ඉෂ්ඨ කර නොමැත.

21 වන දාපාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ගෙනගිය විරෝධතාවයට සමගාමීව අද දින ඉතාලියේ විවිධ නගරවල උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි. පාදුවා සාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් පැවැති අතර එහි රැස්වූ ජනතාව විරෝධතාවයකද නිරත විය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...