Breaking News

අත් අඩංගුවට ගැනිම , මුලික යිතිවාසිකමි සහ රෝග නිරෝධායනය

නීතිඥ උදාරි සමන්තිකා

අත් අඩංගුවට ගැනිම යන්න යමි පොලිස් හෝ ඔිනෑම සාම නිලධරයකු විසින් (සාම නිලධාරියකු යන්න අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ ප‍්‍රධාන වශයෙන් දක්වා ඇති අතර වෙනත් යමි යමි නීතිවල ද එම නිති ක‍්‍රියාත්මක කරනු ලැබිමට අදාල බලධාරින් ද සාම නිලධාරින් ලෙස අර්ථ ගන්වා ඇත.) හෝ පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබිමට බලය ඇති ඔීනෑම අයෙකු විසින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා ආකාරය පිළිබද ප‍්‍රධාන වශයෙන්ම කාර්ය පටිපාටිය දක්වා ඇත්තේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පණතේය .

එහි IV වන පර්චිඡේදයේ 23 වන වගන්තියේ සිට පුද්ගලයකු අත්අඩංගුවට ගැනිම, නිවසක් හෝ වෙනත් යමි ස්ථානයක් සෝදිසි කිරිම , අත් අඩංගුවට ගත් පුද්ගලයකු රදවා තබා ගැනිම , අධිකරණයකට ඉදිරිපත් කිරිම ආදි කරුණු පිළිබදව ප‍්‍රධාන වශයෙන්ම කාර්ය පටිපාටිය දක්වන්නේය.
අත්අඩංගුවට ගැනිම යනු කුමක්ද? යන්න ඉහළ අධිකරණවල දී ඇති විශාල සංඛ්‍යාවක් වු මූලික අයිතිවාසිකමි නඩු තීන්දු වලදී මෙන්ම වෙනත් විිවිධ නඩු තීන්දු වලදී ද අර්ථ නිරූපණය කරනු ලැබ ඇත.

අප අතරින් බොහෝ දෙනෙක් සිතා සිටින්නේ අත්අඩංගුවට ගැනිම යනු පොලිස් නිළධාරියෙක් හෝ වෙනත් යමි බලයලත් නිළධාරියෙක් යමි වරදක් සමිබන්ධයෙන් සැකකරනු ලබන්නේ යැයි කියනු ලබන යමි පුද්ගලයකු සොයා පැමිණ තමා වෙත කැදවා සමහර විට අත් විලංගු දමා යතුරු පැදියක හෝ පොලිස් ජීප් රථයක නංවා පොලිස් ස්ථානයකට රැගෙන ගොස් රදවා තබා ගැනිම බවයි.
නමුත් අත් අඩංගුවට ගැනිම යන්න මීට වඩා අතිශය සංෙවිදී කරුණක් බව ඉහත කී පරිදි උසස් අධිකරණවල නඩු තීන්දු මෙන්ම නීතිය පරිශීලනය කිරිමෙන් පෙනී යයි.

ඒ අනුව යමි පුද්ගලයකුගේ යාෙමි ඊෙමි නිදහසට බාධා කරනු ලැබීම , යමි පුද්ගලයකුගේ යාෙමි ඊෙමි නිදහස දැඩි ලෙස සීමා කරනු ලැබීම, යමි පුද්ගලයකුගේ ගමනාන්තය දක්වා යාම වළක්වාලීම මෙන්ම යමි පුද්ගලයකුට පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දන්වනු ලැබීම ද අත්අඩංගුවට ගැනිමකි.

නිදසුනක් ලෙස , ඔබ ඔබගේ යතුරු පැදියෙන් හෝ මෝටර් රියෙන් පෞද්ගලික ගමනක් යමින් සිටියදී පොලිස් නිළධාරියකු විසින් ඔබ නවතනු ලැබ කුමක් හෝ හේතුවකට එම ස්ථානයේ සිතා මතා ඔබට යමි ප‍්‍රමාදයක් කරන්නේ නමි එය ද අත්අඩංගුවට ගැනිමක් බවට දැක්විය හැකිය. මෙය ඉහත කි අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 23 වන වගන්තියේ 1 උප වගන්තියට කරනු ලැබ ඇති පැහැදිලි කිරිම මගින් මනාව තහවුරු වේ . ( පැහැදිලි කිරිම: යමි තැනැත්තකු විධිමත් ලෙස සිරභාරයට නොගෙන ඒ තැනැත්තා රදවා හෝ ගමන් වළක්වා තබා ගැනිම හෝ සියලූ අරමුණු හෝ කාර්යය සදහා ඒ තැනැත්තා අත්අඩංගුෙවි සිටින විට සිරභාරයට ගැනිමක් කර නැති බව ව්‍යාජ ලෙස දැක්විම ඒ තැනැත්තා සිරභාරයට ගැනිමක් ලෙස දැක්විය හැකිය.)

ඉහත කී අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 23 වන වගන්තිය මෙසේය
“යමි තැනැත්තෙකු සිරභාරයට ගැනිෙමිදී ඒ සිරභාරයට ගනු ලබන තැනැත්තාට තමා අත්අඩංගුවට ගනු ලැබීමට වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් අවනත වුවහොත් මිස , ඔහු සිරභාරයට ගැනිම කරන තැනැත්තා විසින් සිර භාරයට ගනු ලබන තැනැත්තාගේ ශරිරය සැබැවින්ම ස්පර්ශ කොට හෝ රදවා තබා ඔහුව සිර භාරයට ගත යුතුය. තවද සිර භාරයට ගනු ලබන තැනැත්තා සිර භාරයට ගනු ලබන්නේ යමි චෝදනාවක් හෝ දෝශාරෝපනයක් මත ද ඒ චෝදනාෙවි හෝ දෝශාරෝපණයේ ස්වභාවය ඔහුට දැනුමි දිය යුතුය.”

ඒ අනුව

සිරභාරයට ගනු ලබන තැනැත්තා වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් තමා සිරභාරයට ගනු ලැබිමට අවනත වුවහොත් අත් අඩංගුවට ගන්නා නිළධාරියාට ඔහුගේ ශරිරය ස්පර්ශ කරනු ලැබිමටවත් අවසරයක් මෙම වගන්තියෙන් ලබා නොදේ. එනමි , අත්අඩංගුවට ගැනිම සිදුකරන නිළධාරියාගේ උපදේශය ,ඉල්ලිම හෝ නියෝගය පමණක් ප‍්‍රමාණවත් ෙවි.
එසේ අවනත නොවන්නේ නමි , අත්අඩංගුවට පත්වන තැනැත්තාගේ ශරිරය සැබැවින්ම ස්පර්ශ කොට හෝ රදවා තබා අත් අඩංගුවට ගනු ලැබිම කළ හැකිය.
ඒ අනුව ෙමි දිනවල ඔබ ජන මාධ්‍යවල දකින පුද්ගලයින් අත් අඩංගුවට ගනු ලැබීෙමි ක‍්‍රියාවලිය කෙතරමි නමි නීතියට පටහැනි ද යන්න ද නිළධාරින් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලබන්නේ කෙතරමි නීති විරෝධී ආාකාරයට ද යන්න පිළිබද ඔබ මවිත වනු ඇත.
සෑම අත්අඩංගුවට ගැනිමකදීම ඉහත වගන්තියට අනුව අත්අඩංගුවට ගනු ලබන තැනැත්තාට ඔහු අත්අඩංගුවට පත් වන්නේ කුමන චෝදනාවක් හෝ දෝශාරෝපණයක් එනමි සැකයක් මත ද යන්න ඔහුට දැනුමි දෙනු ලැබිය යුතුය.

මේ  දිනවල අප නමි දක්ින්නේ කිසිදු වග විභාගයකින් තොරව පොලිස් නිළධාරින් යැයි කියනු ලබන තැනැත්තන් විසින් යමි පුද්ගලයකු වෙත වහාම ගොස් සරලව කිවහොත් ඔහු වෙත කඩා වැදී ඔහු කුදලාගෙන පැමිණ බඩු ගෝනි මෙන් බස් රථ වලට පැටවීමයි. ඔහු අත්අඩංගුවට ගත්තේ කුමකට ද යන්න නරඹන්නන් දැනගන්නේ ප‍්‍රවෘත්ති නිෙවිදකයාගෙනි.

මීළගට සලකා බැලිය යුත්තේ පුද්ගලයකු බලහත්කාරයෙන් එනමි බලය යොදවා අත්අඩංගුවට ගනු ලැබිය හැකි ද එසේ නමි එය කුමන අවස්ථාවක ද යන්නයි.

ඉහත කී 23 වන වගන්තියේම තව දුරටත් සදහන් වන්නේ
‘‘ ඒ තැනැත්තා සිර භාරයට ගැනිෙමි උත්සාහයට බලාත්කාරයෙන් ප‍්‍රතිරෝධය පෑවහොත් හෝ සිර භාරයට ගනු ලැබීම මග හැරිමට තැත් කලහොත් , ඒ සිරභාරයට ගැනිම කරන තැනැත්තා විසින් සිරභාරයට ගැනිම ක‍්‍රියාත්මක කිරිමට සාධාරණ ලෙස අවශ්‍ය උපක‍්‍රම යෙදිය හැකිය.”

එයින් පැහැදිලි වන්නේ යමකු සිරභාරයට ගනු ලැබිෙමිදී බලය යෙදිය හැකි බවත් එසේ බලය යෙදිය හැක්කේ අත්අඩංගුවට පත්වන තැනැත්තා අත් අඩංගුවට පත්විමෙන් වැළකිම සදහා පැන දිවීම , අත් අඩංගුවට ගන්නා නිලධාරින්ට බලහත්කාරය පෑම ආදිය කළහොත් වන අතර එවිට ද බලය යෙදවිම සිදුකළ යුත්තේ අසාධාරණ ආකාරයට නොව සාධාරණ අවශ්‍ය උපක‍්‍රම යෙදිමෙන් පමණක් බවයි.

නිදසුනක් ගතහොත් පොලිස් නිළධාරියෙක් සැකකරුවකු අත් අඩංගුවට ගැනිමට යාෙමිදී සැකකරු පැන දුවන්නේ නමි ප‍්‍රථමයෙන්ම නිළධාරියා කළ යුත්තේ වෙඩි තැබීම නොෙවි. ඉහත වගන්තිය ප‍්‍රකාරව සාධාරණ උපක‍්‍රම යනු තමා අත ඇති බැටන් පොල්ලෙන් සැකකරුගේ කකුල් දෙකට දමා ගැසිමෙන් සැකකරු බිම පතිත වන්නේ නමි සහ සැකකරු අත් අඩංගුවට ගනු ලැබිමට එය ප‍්‍රමානවත් නමි නීතිය බලාපොරොත්තු වන්නේ එපමණකි. එසේ නොමැතිව සැකකරු වෙත දිව ගොස් බැටන් පොල්ල අහුලාගෙන සැකකරුට තඩි බෑම නොෙවි.

එසේ නමි යමි සැකකරුවකු අත්අඩංගුවට ගැනිෙමිදී පහර දිම හෝ වෙඩි තැබිම වැනි ක‍්‍රියාවක් කරනු ලැබිය නොහැකි ද …
එකී ප‍්‍රශ්නයට පිළිතුර වන්නේ සැකකරු විසින් තමාට එල්ල කරනු ලබන ප‍්‍රතිරෝධය එනමි විරෝධතාවය පැෙමි ප‍්‍රමාණයට සරිලන බලයක් අත්අඩංගුවට ගන්නා අදාල නිළධාරියාට සිදුකළ හැකිය. එනමි තමාගේ ජීවිතයට සැකකරුගෙන් හානි වෙතැයි යන සාධාරණ විශ්වාසයක් , සැකකරුගේ ප‍්‍රතිරෝධයෙන් හැම අතින්ම විශ්වාස කිරිමට හේතු ඇත්නමි පමණක් වෙඩි තැබිමක් වුවද සිදුකිරිමට නිතියෙන් බාධාවක් නැත.

එසේ වෙතත් ඉහත කි 23 වන වගන්තියේ තවදුරටත් දක්වන්නේ

‘‘ මරණීය දඩුවම දිය හැකි වරදකින් චෝදනා නොකරනු ලැබූ තැනැත්තකු සිර භාරයට ගැනිෙමිදී ඔහුගේ මරණය සිදු කිරිෙමි අයිතිවාසිකමක් ෙමි උපවගන්තියෙහි වූ කිසිවකින් නොලැෙබි.”

අවාසනාවකට මෙන් මාංචු දමාගෙන ගෙනයනු ලබන සැකකරුවන්ට පවා වෙඩි තබන ලද අවස්ථා සහ එමගින් ඔවුන් මරණයට පත්වු අවස්ථා ද අප ඇති තරමි ජනමාධ්‍යවල වාර්තාවනු දැක ඇත.

මීළගට සලකා බැලිය යුතු නෛතික තත්වය වන්නේ ඔීනෑම පුද්ගලයකු ඔීනෑම නිළධරයකුට ඔීනෑම අවස්ථාවකදී අත් අඩංගුවට ගත හැකි ද යන කාරණය පිළිබදවයි.
අප නීතියේ සංඥෙය වැරදි සහ සංඥෙය නොවන වැරදි යනුවෙන් වැරදි කාණ්ඩ දෙකක් ඇත.

සංඥෙය වරදක් යනු අධිකරණයකින් ලබා ගන්නා ලද වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදිය.
සංඥෙය නොවන වරදක් යනු අධිකරණයකින් ලබා ගන්නා ලද වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත නොහැකි වැරදිය.
මෙකී ආකාරයට වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි වැරදි මොනවාද, වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත නොහැකි වැරදි මොනවාද යන්න ප‍්‍රධාන වශයෙන් දක්වා ඇත්තේ අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ පළමු වන උපලේඛණයෙහි 3 වන තීරයේ වන අතර වෙනත් සමහර පණත් වල ද එකි පණතේම විස්තර වන වැරදි සමිබන්ධයෙන් සංඥෙය වැරදි ලෙස ප‍්‍රතිපාදන සලස්වා ඇත්නමි ඒ පණත යටතේ ක‍්‍රියා කිරිෙමිදී එම ප‍්‍රතිපාදන අදාලවන බවට දක්වා ඇත.

සමහර පොලිස් නිලධාරින් පුරුද්දක් ලෙස යමි යමි බලවත් පුද්ගලයින් අත් අඩංගුවට ගැනිෙමිදී අදාල පුද්ගලයා සැකකරනු ලබන වරද වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් වුවද තමාගේ ගැලවිම උදෙසා ඒ සමිබන්ධයෙන් අධිකරණයට ගොස් වරෙන්තුවක් ඉල්ලා සිටිෙමි වැරදි ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ලබන බව පෙනේ.

එසේම මෙකි කාරණාව සමිබන්ධව අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ X වන පරිචිඡේදයේ 107 වන වගන්තිය කෙරෙහි ද අවධානය යොමු කිරිම වැදගත් යැයි සිතේ.
එහි සදහන් වන්නේ “යමි සංඥෙය වරදක් සිදු කිරිම වැළැක්විෙමි කාර්යය සදහා සෑම සාම නිලධරයකුම විසින් මැදිහත් වි ක‍්‍රියා කරනු ලැබිය හැකි අතර ඔහු විසින් එය තමාගේ උපරිම හැකියාව යොදවා වැලැක්විය යුතුය”
මෙහිදී පොලිස් නිලධාරින් සිතා සිටින්නේ උපරිම හැකියාව යනු පුද්ගලයකුට ශාරිරිකව සහ මානසිකව පීඩා කිරිමට හැකි උපරිම ශක්තිය යෙදවිම බවයි. මෙහි සදහන් උපරිම හැකියාව යනුවෙන් නිතිය අපේක්ෂා කරනු ලැබ ඇත්තේ නීතියේ කාර්යපටිපාටියට අනුව සද්භාවයෙන් එම සාම නිලධරයා විසින් තමාට හැකි උපරිම ක‍්‍රියා මාර්ගයක් අනුගමනය කරමින් වරද සිදු කිරිම වළක්වාලිම සදහා සහාය වීමයි.
පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීෙමි ක‍්‍රියා පටිපාටිය එසේ වුවද ඉහත කි නීතියට පටහැනි ලෙස පුද්ගලයකු අත් අඩංගුවට ගැනිම සමිබන්ධයෙන් එකී අත්අඩංගුවට ගනු ලබන තැනැත්තාට හිමිවන ප‍්‍රතිකර්ම මොනවාද? යන්න මීළගට සලකා බැලිය යුතුය.
ශී‍්‍ර ලාංකික පුරවැසියකුට හිමිකර දී ඇති මූලික අයිතිවාසිකමි අප රෙටි උත්තර නීතිය වූ 1978 ජනරජයේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙහි අන්තර්ගත කොට ඇත.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාෙවි III වන පර්චිඡේදයේ 13 (1) අනු ව්‍යවස්ථාව මෙසේය.
“නීතියෙන් නියම කරනු ලැබ ඇති කාර්යපටිපාටියට අනුව මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනිම නොකළ යුත්තේය. යමි තැනැත්තකු සිර භාරයට ගනු ලබන්නේ යමි හේතුවක් මතද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුතුය. ”

13(2) අනු ව්‍යවස්ථාව ප‍්‍රකාරව ,
“අත් අඩංගුවෙහි තබා ගනු ලැබූ හෝ රදවා තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ හෝ සෑම තැනැත්තකුම නිතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටිය අනුව ආසන්නතම නිසි අදිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙනයායුතු අතර නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥාව මත සහ ආඥාව ප‍්‍රකාරව මිස ඒ තැනැත්තා තව දුරටත් අත් අඩංගුවෙහි තබා ගැනිම හෝ රදවා තබා ගැනිම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරිම හෝ නොකළ යුත්තේය.”

ඒ අනුව

මෙහි සදහන් නීතියෙන් නියම කරනු ලැබ ඇති කාර්යපාටිය යනු මා පෙර සදහන් කළ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පණතේ 23 වන වගන්තයේ සදහන් කළ කාර්යපටිපාටිය ෙවි.
එකි කාර්යය පටිපාටිය අනුව යමි තැනැත්තකු අත් අඩංගුවට ගැනිෙමිදී ඔහුව අත්අඩංගුවට ගනු ලබන හේතුව නිළධරයා විසින් පැහැදිලි කර දිය යුතුය.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයකු සාමාන්‍ය නිතියට අනුව පැය විසි හතරක කාලයක් ඉක්මයාමට ප‍්‍රථම ආසන්නතම නිසි අධිකරණයකට ඉදිරිපත් කළ යුතුය.
එකි පුද්ගලයා තව දුරටත් අත් අඩංගුවේ තබා ගන්නේ නමි හෝ තව දුරටත් රදවා තබා ගන්නේ නමි හෝ කුමන හෝ ආකාරයට ඒ පුද්ගලයාගේ නිදහස සීමා කරනු ලබන්නේ නමි එය එකී අධිකරණයේ නියෝගයක් මතම සිදු කළ යුතුය.
එසේම
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාෙවි 14 (1) (ඌ) අනුව්‍යවස්ථාවට අනුව
” සෑම පුරවැසියකුටම ශී‍්‍ර ලංකාව තුල යාෙමි ඊෙමි නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරිෙමි නිදහසට හිමිකම ඇත්තේය.”
එනමි ශී‍්‍ර ලංකාෙවි පුරවැසියකුට ශී‍්‍ර ලංකාව තුල තමා කැමති ස්ථානයකට යාමට ඊමට සහ තමාට අවශ්‍ය ස්ථානයක ජීවත්වීමට නිදහසක් හිමිව ඇත.

අපට මෙම ව්‍යවස්ථාවල සදහන් පරිදි මෙම මූලික අයිතිවාසිකමි සියයට සියයක්ම සෑම සියලූ අවස්ථාවලදී භුක්ති විෙමි අයිතිවාසිකම ඇත්ද යන්න මීළගට සළකා බැලිය යුතුය.

ආණ්ඩු ක‍්‍ර‍්‍රම ව්‍යවස්ථාව මගින් පිරිනමා ඇති ඉහත කී මුලික අයිතිවාසිකමි යමි යමි සීමා කිරිමිවලට යටත්ව භුක්ති විදිය යුතු බවට එහි 15 වන ව්‍යවස්ථාෙවි දක්වා ඇත.
15 (7) අනු ව්‍යවස්ථාව ප‍්‍රකාරව ඉහත සදහන් කළ 13(1) , 13(2) සහ 14 (1) (ඌ) ව්‍යවස්ථාවල සදහන් මූලික අයිතිවාසිකමි භුක්ති විදිය හැකි වන්නේ ද ක‍්‍රියාත්මක කළ හැකි වන්නේ ද රාජ්‍ය ආරක්ෂාව , රෙටි යථා පැවැත්ම තහවුරු කිරිම පිණිස සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරිම යන සිමාවන්වලට යටත්වවේ .

මෙම මුලික අයිතිවාසිකමක් කඩ වූ විටක ගත හැකි ප‍්‍රතිකර්ම එකි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාෙවි 126 වන ව්‍යවස්ථාෙවි දක්වා ඇත.

ඒ අනුව එකි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකමක් කඩ වූ විටක හෝ කඩවීමට අත්‍යාසන්නව පැවති විටක එකී මුලික අයිතිවාසිකම කඩවිම සිදුවූ දින සිට හෝ එකි අයිතිවාසිකම කඩකිරිමට අත්‍යාසන්නව පවතින බවට යමි පුද්ගලයකු දෝශාරෝපණයක් කරනු ලබන අවස්ථාෙවි සිට මසක කාලයක් තුල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලිමක් කළ යුතුය.

මෙහිදී කිවයුතු කණගාටුදායකම තත්වය නමි ශ‍්‍රී ලංකාෙවි මූලික අයිතිවාසිකමක් කඩවූ විට හෝ අත්‍යාසන්න තත්වයකදී නඩුවක් පවරා පවත්වාගෙන යාමට හැකි එකම අධිකරණය නමි කොළඹ පිහිටා ඇති ශී‍්‍ර ලංකාෙවි ශ්‍රේෂ්ඨාධිකරණයයි. එහෙත් අද මූලික අයිතිවාසිකමි නඩුද අවසානයක් දැකීමට වෙනත් බොහෝ නඩුකර සදහා මෙන් සිතා ගැනිමට නොහැකි කාල සිමාවක් ගතවිම ප‍්‍රායෝගික තත්වයයි. අනෙක් අතට යාපනයේ සිටින පුරවැසියකුට මෙන්ම තංගල්ල වැනි දුර බැහැරක සිටින පුරවැසියෙකුට ද මූලික අයිතිවාසිකමි නඩු පැවරීමට නඩුකටයුතු පවත්වාගෙන යාමට කොළඹට යාමට ඊමට සිදුෙවි.

එසේම මුලික අයිතිවාසිකමි නඩු කටයුතු සදහා කොලඹ ප‍්‍රදේශයෙහිම සීමිත නීතිඥ පිරිසක් යෙදී ඇති බැවින්ද නඩු කියන්නන්ට අධික මුදලක් වැය කිරිමට ද සිදුවී ඇත.

මේ  ආදි කරුණු නිසා අත්අඩංගුවට ගැනිෙමිදී පමණක් නොව වෙනත් බොහෝ අවස්ථාවලදී ද ඉතා බරපතල ලෙස තම මූලික අයිතිවාසිකමි කඩවූවද නිහඩව සිටිමට පුරවැසියන්ට සිදුව ඇත.

කණගාටුවට කරුණ නමි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිලිබද මෙන්ම නඩු ප‍්‍රමාදය ආදි කරුණු පුරවැසියන්ගේ සුබසිද්ධියම ද නිතර හුවා දක්වන කිසිම බලධාරියකු මෙම මූලික අයිිතවාසිකමි නඩු ඇසිෙමි ක‍්‍රියාවලිය අඩුම වශයෙන් යාපනය, බදුල්ල , මහනුවර , මාතර වැනි ස්ථාන හතරකටවත් විමධ්‍යගත කිරිම සමිබන්ධයෙන් කිසිවකුගේ හාවක් හූවක් නොමැති වීමය.

ඉන්පසුව සලකා බැලිය යුතු ඊළග නෛතික කාරණය වන්නේ වරින් වර සංශෝධිත 1897 අංක 3 දරණ රෝග නිරෝධායන සහ වැළැක්විෙමි ආඥා පණතේ විධිවිධාන යන්ය.

මෙකී ආඥා පණතේ 11 වන වගන්තිය ප‍්‍රකාරව රටතුල පවතින යමි යමි මහජන සෞඛ්‍යට බලපාන්නාවූ තත්වයන් හමුෙවි අවශ්‍ය නියෝග පැනවිමට විෂය භාර අමාත්‍යවරයාට බලය ලබා දි ඇත. 12 වන වගන්තිය ප‍්‍රකාරව එකී නියෝග ගැසටි පත‍්‍රයෙහි පලකර ප‍්‍රසිද්ධ කළ යුතුය . එකී විධිවිධාන ප‍්‍රකාරව රටතුල පවතින්නාවූ කොවිඩි 19 වසංගත තත්වය මැඩ පැවැත්වීම සදහා නිරෝධායන නියෝග 10 ක් පමණ අමාත්‍යවරයා විසින් වරින් වර ගැසටි මගින් ප‍්‍රසිද්ධ කර ඇත. එයින් එක් නියෝගයක් වනනේ සෑම පුද්ගලයකුම මුව ආවරණයක් පැළදිම අනිවාර්්‍ය බවට දැක්විමයි.

එකී ආඥා පණතේ 5 වන වගන්තිය ප‍්‍රකාරව මෙම නියෝගයන් කඩකරන පුද්ගලයකුට පැනවිය හැකි දඩුවමි නියම කර ඇත. 2005 අංක 12 දරණ දඩ මුදල් වැඩි කිරිෙමි පණත ප‍්‍රකාරව මෙකි නියෝග කඩ කරනු ලබන්නාවු පුද්ගලයකුට රුපියල් දෙදහසකට නොඅඩු රුපියල් දස දහසකට නොවැඩි දඩයක් හෝ මාස හයකට නොවැඩි සිර දඩුවමක් හෝ ඒ දෙකටම යටත් කළ හැකිය.

මෙකී ආඥා පණත මා පෙර සදහන් කළ ආකාරයට විශේෂ නිතියකි. එසේ නමි මෙම විශේෂ නිතිය යටතේ වරදක් කරනු ලබන තැනැත්තෙක් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැක්කේ ද එසේත් නැතිනමි අත්අඩංගුවට ගත හැක්කේ වරෙන්තුවක් මත ද යන්න පිළිබදව සදහන්ව තිබිය යුතුය.
මෙකී රෝග නිරෝධායනය සහ මැඩපැවැත්විෙමි ආඥා පණතේ 6 වන වගන්තියේ ඒ බව සදහන්ව පවති. එහි සදහන් වන්නේ මෙම පණත යටතේ වරදක් කරනු ලබන තැනැත්තෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බවයි.

එමෙන්ම තව දුරටත් මෙම මහජන සෞඛ්‍ය හා ආරක්ෂාවට එරෙහි වැරදි පිළිබදව සලකා බැලිෙමිදී ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය කෙරෙහි ද අවධානය යොමුකළ යුතුය.
ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ ඞෂඪ වන පරිච්ඡේදයේ මහජන සෞඛ්‍ය හා ආරක්ෂාවට එරෙහි වැරදි යටතේ

262 වගන්තිය යටතේ වු ජීවිතයට අන්තරාදායක වූ යමි රෝගයක් බෝවීම පැතිරවිමට තුඩු දෙන නොසැලකිලිමත් කි‍්‍රයාවක් කිරිම
263 වගන්තිය යටතේ වු ජීවිතයට අන්තරාදායක වූ යමි රෝගයක් බෝවීම පැතිරවිමට තුඩු දෙන ද්ෙවිශ සහගත ක‍්‍රියාවක් කිරිම
264 වගන්තිය යටතේ වු රෝග නිරෝධායන රිතියකට අකීකරු වීම යන වරදවල් සංගෘහිත කර ඇත.
ඉහත විස්තර කළ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 262, 263 සහ 264 වගන්ති තුනම යටතේ වරදවල් සියල්ලම අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ පළමු වන උපලේඛණයේ 3 වන තීරයට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදවල් ෙවි.

රටතුල පවතින මෙම වසංගත තත්වය හමුෙවි එකි වසංගත තත්වය මැඩපැවැත්විම සදහා බලපාන්නාවු සියලූ නීතින් සහ රෙගුලාසි අනුගමනය කිරිම , පිළිපැදීම රෙටි සියලු පුරවැසියන් සතු යුතුකමක් වගකීමක් මෙන්ම සදාචාර සමිපන්න බැදිමක් වේ

එවැනි නීතින් සහ රෙගුලාසි උල්ලංඝණය කරනු ලබන පුද්ගලයකු නීතිය හමුෙවි සැකකරුවකු වන අවස්ථාවකදී පොලිස් නිළධාරින්ට හෝ වෙනත් බලය පවරන ලද බලධාරින්ට එකි සැකකරු අත් අඩංගුවට ගැනිම සහ ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරිමට බලය ඇත්තේය.

එසේ වුවද යමි පුද්ගලයකු රෝග නිවාරණ නිතියක් හෝ ෙවිවා වෙනත් යමි නිතියක් හෝ වෙිවා එකී යමි නීතියක් උල්ලංඝණය කිරිමක් කළ පමණින් , පොලිස් නිළධාරින්ට හෝ ඒ හා බලය පවරන ලද වෙනත් බළධාරින්ට එකි පුද්ගලයකු අත් අඩංගුවට ගැනිමට හෝ නිතිය ක‍්‍රියාත්මක කිරිමට නිතියෙන් බලය හිමිව ඇති පමණින් එලෙස නිතිය ක‍්‍රියාත්මක කරන නිලධරයන්ට හෝ බලධරයන්ට හිතූ හිතූ මනාපයට , ද්ෙවිශ සහගත ලෙස , අසාධාරණ ලෙස , කෲර සහ අමානුෂික ලෙස තමාට නිතියෙන් හිමි බලය ක‍්‍රියාත්මක කළ හැකිවන්නේද , එවන් අවස්ථාවක පුද්ගලයන්ට ගරු කොට පිරිනමා ඇති මූලික අයිතිවාසිකමි එකින් එක සියුමි ලෙස හෝ බරපතල ලෙස කඩවන්නේ ද , එසේ නමි නිතිය ක‍්‍රියාත්මක කරන නිලධරයන් හෝ බලධරයන් නීතිය ක‍්‍රියාත්මක කළ යුතු නීතිමය පරාසය කුමක්ද යන කාරණා පිළිබදව පිළිතුරු සෙවිමට දැන් ඔබට හැකි වෙතැයි මම විශ්වාස කරමි.

මේ බලහත්කාරයෙන් ඔසවාගෙන දිවිෙමි ක‍්‍රියාව එක් අතකින් නිති විරෝධී වන අතර අනෙක් අතට කෙතරමි අනතුරු දායකද … එනමි සැකකරු ආසාදිත තත්වයේ සිටිය හොත් නිලධාරින්ට ද , නිලධාරියකු ආසාදිත තත්වයේ සිටියහොත් සැකකරුට ද පමණක් නොව ඔවුනොවුන්ගේ දරු පවුලට ද දෙවියන්ගේම පිහිට ද…. එසේ හෙයින් කරන දෙයක් නීතියටත් ප‍්‍රෙවිශමටත් කළහොත් නේ ද හොද…..

leave a reply