යක්කල ආයුර්වේද රෝහලේ අක්‍රමිකතා කෑම වේලේ ගුණයත් අඩු කරයි.

යක්කල ආයුර්වේද රෝහලේ පරිපාලන අක්‍රමිකතා හේතුවෙන් රෝගීන් සහ සේවක මණ්ඩලය අපහසුතාවයට පත් වී ඇති බව  එම රෝහල් ආරංචි මාර්ග පවසනවා.වාට්ටු හතරකින් සමන්විත යක්කල ආයුර්වේද රෝහලේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වාට්ටු දෙකක් වසා දමා ඇති අතර දැනට ක්‍රියාත්මක වෙන්නේ පිරිමි එක් වාට්ටුවක් සහ කාන්තා එක් වාට්ටුවකි .  පවතින කොරෝනා තත්වය හේතුවෙන් පනවා ඇති ආරක්ෂිත ක්‍රියාමාර්ගද  නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවෙන බව දැනගන්නට තිබේ.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ප්‍රමාණවත්  ප්‍රතිකාර නොලැබීම හේතුවෙන්  රෝහලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය ද අඩු වී ඇති බවත් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් විශාල ගැටළු වලට ලක්ව ඇති බවත් ඒ අතරින් ආහාර ප්‍රශ්නය කඩිනම් විසඳුමක් ලබා දිය යුතු ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබාදෙන ආහාර වේල රෝගී පුද්ගලයකුට ප්‍රමාණවත්  පෝෂණයක් නොමැතිි ප්‍රමිතියකින් තොර බත් පතක් ලබා දීම රෝගීන් දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත.මේ පිළිබඳව රෝහල් පරිපාලනයට දන්වා තිබෙන මුත් අදාළ ක්‍රියාමාර්ග නොගෙන එය මඟ හරිමින් පවතින බව දදැනගන්නට තිබේ.

පසුගිය ආණ්ඩු සමයේ මෙන්ම වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරයාට ද මෙම ගැටලු ප්‍රශ්න යොමු කර තිබෙන බවත් ඒවාට  ගැටළු විසඳීමට ඔවුන් ගේ සැලකිල්ල ප්‍රමාණවත් නොවෙන බව සේවකයෝ පවසනවා.බොහෝ ප්‍රශ්නවලට හේතුවී තිබෙන්නේ රෝහල් අධ්‍යක්ෂකගේ අත්තනෝමතික හැසිරීම බවත් ඒ  හේතුවෙන්  රෝහලේ වැඩ කරන වෛද්‍යවරු ඇතුළු සියලුම සේවකයන් අපහසුතාවයට පත්වී ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කර සිටිනවා.

විශේෂ ලියුම්කරුවකු විසිනි

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...