ඉන්දියාවට වාසි තවත් ගිවිසුමක් – ETCA

Date:

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගැනීමට අපේක්ෂා කරන තාක්ෂණික සහයෝගීතා ගිවිසුමේ (ETCA) 12 වන වටය ඊයේ නොවැම්බර් 01 වනදා අවසන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. 2016 සිට 2019 දක්වා වට 11ක් යටතේ මෙම සාකජ්ජා පැවතී ඇති අතර එහිදී දැනට පවතින ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තවත් පුළුල් කිරීමට සාකජ්ජා වී තිබේ.

කෙසේ නමුත් දැනට පවතින සැපයුම් පද්ධතිය පුළුල් කිරීමත් වෙළදපොළ සබදතා පුළුල් කිරීමත් අපේක්ෂා කරන බව සදහන්. නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්තිකය සමග සම්බන්ධ වීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පුන පුනා සදහන් කරයි.

ඉන්දියාව යනු ආසියාවේ විශාලම ආර්තිකය බවට පුරසාරම් බෑවද තවමත් ඒකපුද්ගල ආදායම අතින් ලංකාවට සාපේක්ෂව ඉතාම පහළ අගයක පවතින රටකි. (ශ්‍රී ලංකාවේ – 3500ත් 4000ත් අතර අගයක්, ඉන්දියාව – 2300ක් පමණ අගයක්) එමෙන්ම භූමි ප්‍රමාණය සහ සම්පත් බහුලතාවය සැලකීමේ දී ද එහි ඇති සාපේක්ෂ වර්ධනය ඉතාම පහළ අගයකි. ලංකාවට සාපේක්ෂව දරිද්‍රතා මට්ටමේ පහළ සිටින ජන ඝණත්වය ඉතා ඉහල අගයකි. ( ඉන්දියාව 15% පමණ වන අතර ලංකාව 2019 දී 14%ක් ව තිබී 2023 වනවිට 31% දක්වා පැමිණ ඇත) මේ නිසා ඉන්දීය ආර්තිකය ලංකාවේ ආර්තිකය සමග ඒකාබද්ධ කිරීම විසින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනු ලබන සිහිනය නොමේරූ නිශ්ඵල සිහිනයකි.

ඉන්දියාවේ සිට ලංකාවේ ත්‍රිකුණාමල වරාය දක්වා තෙල් නළ සවි කිරීමට සහ ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට විකිණීම ඇතුළු යෝජිත බොහොමයක් ගිවිසුම් සහ එකගතා මෙන්ම ක්‍රියාකාරකම් මෙම ආර්තික සහයෝගිතාවයේ අන්තර්ගතය වනු ඇති.

අයිතිය පුවත්පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...