වෙළඳ ඇමති පාරිභෝගිකයාට බලපෑම් කරයි

නොවැම්බර් මස තුන් වැනිදා වෙළඳ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේ සතොස ආයතනයෙන් සහල් සහ සීනි අඩු මිලට අලෙවි කරන නමුත් පාරිභෝගිකයෙකුට සහල් හෝ සීනි විතරක් මිලදී ගත නොහැකි බවයි. අවම වශයෙන් එම භාණ්ඩ දෙක සමග තවත් භාණ්ඩ පහක් වත් මිලදී ගත යුතු බව ඔහු පවසනවා.

බන්දුල ගුණවර්ධන පවසන ආකාරයට හාල් සීනි කහ  වල මිල මේ වන විට විශාල වශයෙන් අඩු කර තියෙනවා. හාල් සීනි කහ මිලදී ගන්න කෙනෙක් තවත් භාණ්ඩ පහක් මිලදී ගන්න එක අනිවාර්ය කිරීම ප්‍රතිපත්තියක් ලෙස අද සිට ක්‍රියාත්මක වෙනවලු. මේ අරුම පුදුම ප්‍රතිපත්ති සම්පාදනය වෙන්නේ විශාල වශයෙන් සිද්ධ කෙරෙන ජාවාරම් මැඩපැවැත්වීමට. ඒ විතරක් නෙවෙයි   බන්දුලගෙ අලුත්ම සොයාගැනීම බවට පත්වී තිබෙන්නේ හාල් සීනි වලින් විතරක් ගෙදරක මිනිසුන්ට ජීවත් වෙන්න බැරි බවයි.  ඒ නිසා ගෙදරක ආහාර වේලක සමබරතාවය රැකගන්න මේ ආණ්ඩුව සතොසෙන් බහන්ඩ 5 ක් මිලදී ගත්විට හාල් නිකුත් කරන්න තරම් මොංගල් වී තිබෙනවා.

අත්‍යවශ්‍ය සියලුම භාණ්ඩ වල පාලන මිල අයින් කරලා වෙළඳ මාෆියාවට අවශ්‍යකරන ආකාරයට මිල තීරණය කරන්න ඉඩ ඇරපු මේ ආණ්ඩුව දැන් ගෙදර කුස්සිය පාලනය කිරීමේ අයිතිය තමන්ගේ අතට ගන්න උත්සාහ කරනවා.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...