දැන් නැතිවෙන්න ඇත්තේ මොනවාද?

නටාලියාලට මෙන් තුරුළු කරගන්නට මහා වස්තු සම්භාර අපට නැත.එහෙත් පපුවේ ,කරේ,උකුළේ තියන් රැකගන්න අපිට අමිල වස්තු ඇත.ඒ ලේ,මස්,නහර,ඇටමිදුළුවලටම මිඳුණු අපේ ආදරයයි…අපේ ජීවිතයි….අපේ ලෙයින්,මසින් වැඩුනු අපේම ඇඟේ කොටසයි..

ඒ දරුවෝය…

එන්නේ අවුරුදු මාසයයි.හදන කැවිලි ගැන,ගෙනෙන ඇඳුම් ගැන,යන එන ගමන් ගැන,පදින ඔංචිල්ලා ගැන විමසීම දරු ලෝකයයි.අපි ජීවිතය පානය කළද උන්ට ජීවිතය තොලගෑමේ අයිතිය ද අපි කප්පාදු කර ඇත්තෙමු.

උගන්නනවා මුවාවෙන් අපි උන්ගේ සතුට උදුරා ගත්තෙමු.

නොපෙනෙන හෙටක් වෙනුවෙන් හීන අපිම හදා අපි උන්ගේ ජීවිත උදුරා ගත්තෙමු.

තනි ජාතියක ආත්මාර්ථය වෙනුවෙන් අපි උන්ගේ විචිත්‍ර ලෝකය එකම පාටක් කරන්නට උත්සාහ දැරුවෙමු.

අතීත කාමයේ උන් සිරකර රජ පුටුවල රජකරවමීයි පොරොන්දු දී අපි පොඩිවුන් නැත්තට නැති කළෙමු .

දැන් නැතිවෙන්න ඇත්තේ මොනවාද?
දැන් අපි ආයෙත් ජීවිතය අහුලමු.
අහුලද්දී අපිට ඇති එකම වස්තුවත් සමගම අපි ජීවිතය අහුලමු.

මේ ඉල්ලන්නේ ගෑස්,ඩීසල්,කරන්ට් නොවේ.අපේ දරුවන්ට නැතිවෙන උන්ගේ ජීවිතය යි..!!!

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...