රනිල්ගේ රාජාසන කථාවේදී මැතිවරණය කල් දාන යෝජනාවක් ?

Date:

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් හෙට (08) දින සිදු කිරීමට නියමිත රාජාසන කතාවේදී මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ද යන්න පිළිබඳව තමන් නොදැනුවත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අදාල යෝජනාව සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ. දයාසිරි ජයසේකර පවසා තිබුනේ ජනාධිපතිවරයා සිය රාජාසන කතාවේදී මෙවැනි යෝජනාවක් කිරීමට නියමිත බවත් පොදුජන පෙරමුණ ඒ සඳහා සහය දැක්වීමට නියමිත බවත්ය.

කෙසේ නමුත් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය ලෙසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට සහය දක්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදිනිය ඉදිරිපත් කළ ප්‍රශ්නයට අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ නෑ.

එසේම පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන රාජාසන කතාව වර්ජනය කිරීමට සමස්ත විපක්ෂයම තීරණය කොට ඇති බව වාර්තා වේ.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඇතුලුව විපක්ෂයේ සෙසු පක්ෂද මෙම තීන්දුවට එළඹ ඇති බව දැනගන්නට ඇත.

පළමුව සජබය මෙම රාජාසන කතාව වර්ජනය කරන බව ප්‍රකාශයට පත් කළ අතර අද දින නිදහස් ජනතා සන්ධානයද එය වර්ජනය කරන බව ජී.එල්. පීරිස් මහතා කියා සිටියේය.

මේ ආකාරයට ජනාධිපතිවරයාගේ රාජසන කතාව විපක්ෂය විසින් වර්ජනය කරනු ලබන්නේ දිගු කලකට පසුවය.

මැතිවරණය කල් දැමීම වෙනුවෙන් ආණ්ඩුව සිදුකරමින් සිටින විවිධ උපක්‍රම අතරින් හෙට පාර්ලිමේන්තුවේදී කිසියම් දෙයක් සිදුවෙනු ඇති බව දින කිහිපයක සිට කතා බහ වෙමින් පැවතුනි.

 

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...