Breaking News

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම

සම්පත් පුෂ්පකුමාර

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව සදහා ස්වාධීන අභීචොදක කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අභිප්‍රයක් ඇති බවට පසුගියදා නිවේදනය කරන ලදී. මේ පිළිඹදව මාධ්‍යය වාර්තා පසුගිය සතියේයේ මාධ්‍ය මගින් වාර්තා කර තිබු අතර ඒ පිළිබදව සමාජ කතිකාවතක් මේ වන විට නිර්මාණය වී ඇත. රටක් සංවර්ධනය වීමටනම් සමාජය තුල සාමය පැවතිය යුතු අතර සාමය පවත්වාගනු ලබන්නේ රටතුල ක්‍රියාත්මක වන නීතියේ ආධිපත්‍යය මගිනි. නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සදහා ඕනෑම රටක අධිකරණ පද්ධතියට පොලීසියට නීතිපති දෙපාර්මේන්තුවට විශාල කාර්යභාරයක් පැවරී ඇත.

මෙතෙක් කල් රජය නිය‌ෝජනය කරමින් සියළු ආකාරයේ නඩුකටයුතු මෙහෙයවනු ලැබුවේ නීතිපතිවරයා ප්‍රමුඛ නීතිපති දෙපාර්ථමේන්තුව වන අතර නීතිපති වරයාගේ ක්‍රියාකලාපය පිළිඹද විවාද සම්පන්න තත්වයක් පසුගිය වකවානුවේ නඩු කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් උද්ගත විය. මෙයට ආසන්න සිදුවීම සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ නඩුවට අදාල සැකකරුවන් තිදෙනෙක් නඩුකටයුතු වලින් නිදහස් කිරීම පිලිබද තීරණය දැක්විය හැකිය.

නීතිපතිවරයා විසින් රජයේ සියලූ කටයුතු මෙහෙයවීම පිලිබදව තාක්ෂනික ගැටලූ ඇති බව ඉතා පැහැදිලිය. උදාහරන ලෙසට යම් රජයේ නිලධාරියෙක් විශ්‍රාමයෙන් පසු පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් කඩකිරීමේ නඩුවක් පැවරුවහොත් රජයේ නිලධාරින් වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිපතිවරයා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය. යම් හෙයකින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති කෘර අමානුෂික අවමන්සහගත වධහංසා වලින් ආරක්ෂා වීමේ අයිතිය යටතේ යමකු පවරා ඇති මූලික මූලික අයිතිවාසිකම් නඩුවකදී යම් රාජ්‍ය නිලධාරියෙක් වරදකරු වුවහොත් නඩුවේ කරුනු සලකා බලා 1994 අංක 22 පනත යටතේ කෘර අමානුෂික අවමන්සහගත වධහිංසා වලට එරෙහි පනත එම නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩුවක් පැවරීමට නිර්දේශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිය ඇත. මෙවිට එම නිලධාරීන්ට එරෙහිව නඩු පවරා පවත්වාගෙන යාමට ඉදිරිපත් වන්නේ නීතිපති දෙපාර්ථමේන්තුවේ නිලධාරීන්ය. මෙවන් අවස්ථාවක නිතැතින්ම ලබැදියාවන් අතර ගැටුමක් නිර්මානය වීම complicit of Interest ) නිර්මාණය වීම වැලැක්විය නොහැකිය.

70 දශකයේ මෙරට ස්වාධීන අභිචොදක වරයෙකුගේ කාර්යාලයක් මගින් අපරාධ නඩු කටයුතු මෙහෙයවන ලදී. නමුත් 1977 නව රජයක් බලයට පැමිණි පසු ස්වාධීන අභිචෝදක කාර්යාලය ද‌ේශපාලනීකරණයට ලක්ව ඇති බවට කියමින් එය අහොසිකර නැවත අපරාධ නඩු මෙහෙයවීම නීතිපති වරයාට භාරකරන ලදී.

නමුත් ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම මගින්ම මෙම සියලූ අගතීන් නිමවී ලංකාව තුල නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වේයයි සිතයි නම් එය මිරිගුවක් වන අතර අපරාධ යුක්තිය දිවයින තුල ක්‍රියාත්මක නොවීමට බලපානු ලබන කාරනා බොහෝමයක් පවතින අතර එය පිලිබදව අවධානය යොමුකර එම කාරනා විසදීමට නිසි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක නොකර ස්වාධීන අභිචොදක කාර්යාලය පිහිටුවීම ජනතා මුදල් නාස්තිකරන තවත් සුදු අලියෙක් වනු නොඅනුමානය.

නඩු ප්‍රමාදය
ශ්‍රී ලංකාවේ යුක්තිය ඉටුකිරීමේ කාර්ය පටිපාටියේ පවතින නඩු අසා නිම කිරීමේ ප්‍රමාදය පසුගිය දශක හතරකට වඩා අතීතයට දිවයන්නකි. උදාහරනයක් ලෙස 1989 භීෂන සමයේ කුප්‍රකට ජේෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් ඇතුලූ තවත් චුදිතයන්ට එරෙහිව පුද්ගලයෙක් පැහැරගෙන අතුරුදහන් වීම පිළිඹදව පවරන නඩුවකට අදාලව මහාධිකරණය විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ 2009 වසරේදීය. ඒ සිදුවීම සිදුවී වසර 20 කට පසුවය. විත්තිකරුවන් විසින් එම තීන්දුවට එරෙහිව අභියාචනය කරනු ලැබූ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2024 වසරේදීය. ඒ සිදුවීම සිදුවී වසර 35 කට පසුවය. මේ වනවිට මෙහි ප්‍රධාන විත්තිකරු වන ඩග්ලස් පිරිස් හිටපු පොලිස් අධිකාරී වරයා අතුරුදහන්වී සිටී. යුක්තිය ඉටුවීමට දශක තුනක් බලා සිටීමට සිදුවීම සමාජයක් ලෙස අප ලැබූ අභාග්‍යය සමිපන්න අත්දැකීමකි. එමෙන්ම වරදකරුවන් නීතය‌ේ රැහැනින් බේරී පලායාම නිසා ජනතාව තුල නීතියේ ආධිපත්‍යය හැල්ලූවට ලක්වීම නොවැලැක්වීය හැකිය. මෙලෙස නඩු ප්‍රමාද වන්නේ කුමන හේතුවක් නිසාද යන්න සොයා බලා නඩු කටයුතු හැකිඉක්මනින් විසදීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ නීතමය ප්‍රතිපිදන පාදන සැලසීම රජය‌ේ වගකීමකි.

අපරාධ නඩුවක පොලීය‌ේ කාර්යභාරය.

අපරාධයක් සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කරනු ලබන්නේ පොලීස් නිලධාරීන් විසිනි. අපරාධය පිළිඹද පොලීසියට ලැබෙන මුල් තොරතුර සටහන් කර ඊ වර්තාවක් මහේත්‍රත් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා විසිනි. මෙස‌ේ ආරම්භ කරනු ලැබූ අපරාධ පරීක්ෂනය සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශ සටහන් කිරීම, පරිවේශනීය සාක්ෂි එක්රැස් කිරීම, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීම, හදුනාගැනීමේ පෙරෙට්ටු සදහා ඉදිරිපත් කිරීම, අදාල නඩු භාණ්ඩ රජයේ රසපරීක්ෂක වරයා වෙත ඉදිරිපත්කර අදාල වාර්තා අධිකරණයට ගොනුකිරීම සහ සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම වැනි බොහෝ කාරනා අන්තර්ගත වෙයි. මේ සියල්ල පැවරී ඇත්තේතේ අදාල පොලිස් ස්නාධිපතිවරයාටය.

අපරාධයක් පිලිබදව මූලික විමර්ශනය කිරීමේදී පොලීසිය විසින් සැකකරුවන්ගේ සහ ඇසින් දුටු හෝ නොදුටු සාක්ෂිකරුවන්ගෙන් සටහන් කරගන්නා ප්‍රකාශ ඉතා විශාල වශයෙන් නඩු විභාගයක් සදහා දායක වෙයි. එනම් නඩු විභාගයේදී අදාල සැකකරුවන් ගේ ක්‍රියාකලාපය විස්තර කරන සාක්ෂිකරුවන් විසින් පොලීසියට කරන ලද ප්‍රකාශ සාක්ෂි කරුවන්ගේ අධිකරණමය සාක්ෂි විභාගයේදී කරන ලදි සාක්ෂි සමග සංසන්දනය කර පර්රතාවයන් ( Contradictions ) සහ මගහැරී ගිය කරුනු (Omissions) අධිකරණයට ඉදිරිපත් කර සාක්ෂිකරුවන්ගේ විශ්වාසනීයත්වයටපහරදීමට විත්තියේ නීතීඥයන් උපයෝගී කරගනු ලබයි. සමගර අවස්ථාවන් වලදී අධිකරණයේදී දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුපාඩු වලින් ගහන කට උත්තර පොලිස් නිලධාරීන් විසින් සටහන් කර ඇති ආකාරයයි. බලපෑම් සහ තර්ජන හමුවේ සටහන් කරනු ලබන කටඋතතර මගින් අපරාධ නඩුව සදහා පාදම යොදා ඇති විටදී අධිකරනය හමුවේ සාක්ෂි විභාග කිරීමේදී එම ප්‍රකාශ අභියෝගයට ලක්වී විත්තිකරුවන් නිදහස් වීමට බලපානු ලබයි.

පසුගිය කාලයේ අපරාධ සදහා පොලිස් සේවයේ යෙදෙමින් සහාය දැක්වූ නිලධාරීන් පිළඹදව වාර්තා රාශියක් ජනමාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පතිවිය. එවන් නිලධාරීන් අධීක්ෂනය කිරීමට යාන්ත්‍රණයක් මූලික අපරාධ පරීකෂණ යාන්ත්‍රනය තුල පවතීද යන්න පිළිඹදව විමසා බැලිය යුතුව ඇත. බෙහොවිට දක්නට ලැබෙන තවත් දෙයක් වන්නේ පොලිස් නිළධාරින් හට පොලිස් පරීක්ෂන වලදී සත්‍ය තත්වය ප්‍රකාශකලද අධිකරණය හමුවේදී සාක්ෂිකරුවන් සාක්ෂි දීමේදී පොලීසියට කරන ලද ප්‍රකාශයට පටහැනිව සාක්ෂි ලබා දීමයි. මෙය ආකාර දෙකකට සිදුවිය හැකිය. එනම් සත්‍ය ලෙසටම පොලිස් නිලධාරීන් විසින් අවිධිමත් ලෙස සටහන් කරනු ලබන ප්‍රකාශයන්ට පටහැනිව සාක්ෂි කරුවන් සත්‍ය ප්‍රකාශ කිරීම හෝ විත්තිකරුවන්ගේ බලපෑමට යටත්ව බොරු සාක්ෂි ලබා දීමයි. මෙය ආකාර කිහිපයකට සිදුවිය හැකිය. එනම් අපරාධ කරුවන්ගේ බලපෑමට යටත්ව සාක්ෂිකරුවන් බොරු සාක්ෂි ලබා දීම හෝ දීර්ඝ අධිකරන ක්‍රියාවලියකට අවතීරන වීමට සාක්ෂි කරුවන් මැලිවීම නැතහොත් මුදල් හෝ වෙනත් වරප්‍රසාද සදහා සාක්ෂි වෙනස් කිරීම වැනි කාරනා දැක්විය හැකිය. අවසාන ප්‍රථිපලය වන්නේ විත්තිකරුවන් නිදහස් වීම වන අතර එහිදී සාක්ෂි කරුවන්ට විරුද්ධව රජයේ නිලධාරියෙකුට අසත්‍ය ප්‍රකාශයක් කලේය යන්න මත නඩු පැවරීම සිදුකල හැකිය.

නමුත් අපරාධයක විත්තිකරු නිදහස් වීමෙන් විත්තිකරු හදුනාගැනීමට නොහැකි අපරාධයක් අධිකරණය හමුවේ ඉතිරි වී පැවතීම බරපතල ගැටලූවක් නීතිය‌ේ ආධීපත්‍ය ඉදිරියේ පැවතීම ගැටලූවකි.

ඩිජිටල් දුරකථන සහ ඉලෙක්ට්‍රොනික් උපාංග කුඩා දරුවන් අත‌ේ පවා භාවිතා වන යුගයක පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන සටහන් කිරීම සාක්ෂි සටහන් කිරීම විද්‍යුත් රෙකෝඩන සහ වීඩිය‌ෝ තාක්ෂනය භාවිතා කිරීමට දක්වා සංවර්ධන කිරීමට මැලිවන්නේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයකි.

සාක්ෂි දාමය බිදියාම

2023 වසරේදී ක‌ොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණය ඉතා සුවිශේෂී අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලදී. එනම් නැගෙනහිර වෙරලට ඔබ්බෙන් මහමුහුද‌ේ දී ලංකාව කරා ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ 196 ක් අත් අඩංගුවට ගැනීම පිළිඹද නඩුවිභාගයේ තීන්දුවයි. මෙහිදී එය ප්‍රවාහනය කරමින් තිබුණු ධීවර බෝට්ටුවේ සිටි පුද්ගලයන් 6 දෙනකු නිදොස්කොට නිදහස් කරන ලදී.

ලංකාවේ සාක්ෂි නීතිය අනුව අපරාධ නඩුවකදී අත් අඩංගුවට ගන්නා නඩු භණ්ඩ නඩුකටයුතු කරා යොමු කිරීම වනතෙක් සාක්ෂි දාමය බිදී නොයන සේ ඉදිරිපත් කලයුතුව ඇත. මෙහිදී අදාල නඩු භාණ්ඩ හදුනාගැනීමේදී අත් අඩංගුවට ගන්නා ලද නාවික හමුදා සහ පොලිස් නිලධාරීන් පරස්පර විරෝධී සාත්ෂි ලබා දීම නිසා මෙම චූදිතයන් නිදොස්කොට නිදහස් කරන ලදී. එමෙන්ම සැකකරුවන් සමග අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගය නඩු භාණ්ඩ වශයෙන් සලකුනු කරන ලද පාර්සල් අධිකරණයේදී හදුනාගැනීමට අදාලව සාක්ෂි කරුවන් සමත් නොවීම සැකකරුවන් නිදහස් වීමට සෘජුව බලපාන ලද බව අදාල නඩු තීන්දුව පරිශීලනය කිරීමෙන් පහැදිලි වෙයි. එමෙන්ම මෙම නඩුභාණ්ඩ ‍ත්‍රීකුනාමලය වරායට රැගෙන ඒමෙන් පසු ඒවා වීඩියො ගත කිරීමට හා ඡායා රූප ගැනීමට ගිය පොලිස් නිලධාරීන් නාවික හමුදා නිලධාරීයෙක් විසින් වැලැක්වූ බවත් එම නිසා ඒවායේ වීඩියෝ හා ඡායාරූප ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත් නඩුවේ සාක්ෂි පරිශීලනය කිරීමේදී පෙනීයයි. අපරාධ පරීක්ෂන කාර්යාල වැලැක්වීමට නාවික හමුදා නිලධාරීයෙකුට බලය ඇත්තේ කෙසේද ?. එස‌ේ සිදුවීමේ අවසන් ප්‍රථිපලය විත්තිකරුවන් නිදොස්කොට නිදහස් වීමනම් එම නිලධාරියාට එරෙහිව ගන්නා ලද පියවර කුමක්ද? මෙය ආකාර කිහිපයකට සිදුවිය හැකිය. සත්‍ය වශයෙන්ම පුද්ගලයෙකුට සිදුවන වැරදීමක් විය හැකිය. නමුත් දැනට පවතින සමාජ ආර්ථික තත්වය හමුවේ දහසින් බැදි පියලි හමුවේ මෙවැනි තත්වයක් උදාවිය නොහැකිද යන්න පිලඹදව සොයාබැලීම රජයේ වගකීමකි.

සමාජයට අති විශාල ව්‍යසනයක් සිදුකල පුද්ගලයන් නීතියේ රැහැනින් මිදී පලායාම එවැනිම ව්‍යසනයක් වන අතර ව්‍යසනයක් සිදුවූ විට එයට ආධාර අනුබල දීම කිසිවකු හෝ සිදුකරයි නම් ඔවුන්ද නීතියේ රැහැනට හසුකර ගත යුතුය. මෙවැනි සිදුවීම් සිදුවන්නේ කෙස‌ේද යන්න පිළිඹදවදව විශ්ල‌ේෂනාත්මකව විග්‍රහ කරගැනීම ආණ්ඩුවේ කාර්යභාරයක් වන අතර නැවත සිදුවීම වැලැක්වීමට ප්‍රතිකර්ම යෙදීමද ආණ්ඩුවේ වගකීමකි. අපරාධ නඩුවක පරීක්ෂණය කරනු ලබන නිලධාරීන් විසින් කෙතරම් උවමනාවෙන් අපරාධ පරීක්ෂන කටයුතු මෙහෙයවනවාද යන්න පිළිඹද විශ්ලේෂනාත්මක විවරනයක් රජයට ඇතිද යන්න සලකා බැලිය යුතුය. එමෙන්ම අපරාධ ක්‍රියාවලියේ සංකීර්න තත්වයට පත්වී ඇති බව නොරහසකි. මෙවන් සංකීර්න අපරාධ විසදීම සදහා විශ‌ේසඥ නිලධාරීන් පුහුණු කිරීම සහ ඔවුන්ගේ සේවය ලබා ගැනීම සදහා පොලිස් දෙපාර්තමේන්තුව යාවත්කාලීන කලයුතුව ඇත. එවැනි වැඩපිලිවෙලක් දැනට ඇතිද යන්න පිළිඹදව ප්‍රශ්නාර්ථයක් ඇත. අපරාධ ස්ථානයක් පරීකෂා කිරීමේදී ඇගිලි සලකුනු ලබා ගැනීම සහ ඞී එන් ඒ සාම්පල ලබා ගැනීම දැනට පොලිස් නිලධාරීන් සිදුකරන අතර එයින් ඔබ්බට ගොස් අපරාධ ස්ථානය‌ේ පරිවේශනීය සාක්ෂි එක්රැස් කිරිම සදහා විශේෂඥ නිලධාරීන් පුුහුනු කිරීම සදහා රජයට වැඩපිලිවෙලක් ඇතිද? . විශේෂයෙන් පරිඝනක අපරාධ සදහා බොහෝ විට පෙලඹෙනු ලබන්න් පරිඝනක ක්ෂත්‍රයේ විශේෂඥ තාවය ඇති පුද්ගලයන් වන අතර ඔවුන් අභිභවා ගොස් අදාල අපරාධ හෙලිකර ගැනීමට හැකියාව ඇති පුද්ගලයන් අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියට ආකර්ෂනය කරගැනීමටත් ඔවුන් සදහා නිසි පුහුණුවක් ලබාදීමටත් අපරාධ හෙලිකරගැනීමට යොදාගැනීමට අවශ්‍ය‍ය පසුබිම සැකසීමටත් රජයට නිසි වැඩපිලිවෙලක් ඇතිද යන්න සලකා බැලිය යුතුව ඇත. මූල්‍ය අපරාධ ක්ෂේත්‍රය සලකා බලන කලද තත්වය එසේමය. මූල්‍ය අපරාධ වල බොහෝවිට යෙදෙන්නේ එම ක්ෂ්ත්‍රයේ විශේෂ දැනුමක් ඇති පුද්ගලයින් වන අතර එම පරීක්ෂන මෙහෙයවන නිලධාරීන්ට එම දැනුම අභිභවා යන දැනුමක් ඇතිද යන්න සලකා බැලිය යුතුව ඇත.සමාජයේ අන් කිසි ක්ෂෙත්‍රරයන් ලෙසම පොලිස් නිලධාරීන් දුෂිත බවට පත්ව ඇත. ගල්කිස්ස පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීයෙකු සිය ටී 56 ගිනිඅවිය පාතාලයට විකුනා ඩුබායි රාජ්‍යය වෙත පැනගිය බවට පුවත්පත් වාර්තා කරන ලදී. ඒ අතර තුර පාතාල නායකයකු වූ ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීයෙකු අත් අඩංගුවට පත් වූයේ ඉතා
මෑතකදීය. පොලිස් ස‌ේවය දූෂිත බවට පත්වූ පසු සාධාරණ අපරාධ පරීක්ෂනයක් බලාපොරොත්තු වියහැකිද ? එසේනම් පොලිස් සේවය ස්වාධීන අපක්ෂපාතී විනයගරුක කාර්යක්ෂම වෘතීමය සේවාවක් බවට පත් කිරීමෙන් තොරව රාජ්‍ය තුල අපරාධ යුක්තිය ස්ථාපිත කිරිම නොහැකි බව රජය තෙරුම් ගතයුතුය. එමෙන්ම පොලිස් නිලධාරීන් බදවා ගැනීමේදී සහ උසස්වීම් ලබා දීමේදී පසුබිම් වාර්තා මගින් ඔවුන්ගේ සමාජ පසුබිම සොයාබැලීම අත්‍යාවශ්‍යය බව දැනට පවතින තත්වය මනාව පසක්කර ඇත. දශක තුනක් තිස්සේ දිගට ඇදුනු යුද්ධය හමුවේ පොලිස් ස‌ේවය මිලිටරීකරනය වූ බව නොරහසකි. නමුත් පොලිස් සේවය ඉන් ඔබ්බට ගිය වෘතීමය නිපුනත්වයකින් යුක්ත සේවාවක් බව
අපට අද අමතක වී ඇත. නීති‌යේ හා සාමය පවත්වා ගැනීමට අවශ්‍ය අංශ වලින් යුක්ත ගෞරවනීය පොලිස් සේවාවක් නිර්මානය කිරීමට අවශ්‍ය අඩිතාලම දැමීමට රජයේ වගකීමකි.

පොලිස් නිලධාරීන් විසින් සිදුකරන අත්තන‌ෝමතික නීතවිරොධි ක්‍රියාවන් පිලිඹදව සොයා බලා ක්‍රියාකරනු ලබන්න‌ේ පොලිස් දෙපාර්තුමේන්තුව මගින්ම වන අතර එය සාර්ථක ක්‍රියාවලියක් නොවන බවට මෑතදී වාර්තා වූ කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධ සිදුවීමේ දී සනාථ වෙයි. කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපති වරයා විසින් පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන රදවා තබා වධහිංසාවට ලක්කිරීම පිඹදව ශ‌්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් මගින් අභියෝගයට ලක් කරන ලද අතර එහිදී ශ‌්‍රේෂ්ඨාධිකරණය විසින් නඩුව අවසානයේ පොලිස් ස්ථානාධිපති වරයා ප්‍රමුඛ නිලධාරීන් වරදකරු බවට පත් කරන ලදී. අනතුරුව නීතීපති වරයා වෙත අදාල ස්ථානාධිපති වරයා ප්‍ර‍මුඛ නිලධාරීන් හට 1992 අංක 22 දරන කෘර අමානුෂික අවමන් සහගත වධහිංසා පිටු දැකීම සදහා වූ පනත‌ේ ප්‍රථිපාදන වලින් නඩු පැවරීමට නිර්දේශ කරන ලදී.

මහාධිකරණය හමුවේ විභාගවූ මෙම නඩුවේදී අදාල ස්ථානාධිපති වරයා වරදකරු කරන ලද අතර ඔහුට වසර 07 ක සිර දඩුවමක් නියම කරන ලදී.මෙසේ සිර දඩුවම් නියම වූ පොලිස් නිලධාරීන් එම සිර දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන අතර එහිදී අභියාචනයට යටත්ව ඇප ලබා දීම සිදුකරන ලද අතර වැදගත් කරුන වන්න‌ේ එලෙස ඇප ලබා පැමිනි අදාල ස්ථානාධිපති වරයා එම
පොලිස් ස්ථානය‌ේ නැවත ස්ථානාධිපති ලෙස පත් කිරීමය. පොලිස් සේවය ද‌ේශපාලනීකරනයෙන් මුදාගත යුතුව ඇති බවට පසුගිය දශක කිහිපය තුල විශාල සමාජ කතිකාවක් ඇතිවූ අතර එයින් අනතුරුව 17 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන පොලිස් කොමිෂන් සභාවක් නිර්මාණය කර පොලිස් ස‌ේවය එය යටතට පත් කරන ලදී.

එමගින් පොලිස් සේවය මනා විනයකින් යුක්ත වෘතීමය සේවාවක් බවට පත් කරනු ඇති බව බලාපොරොත්තු වුවද දැනට පවතින පොලිස් සේවය පිළිඹද අපට සෑහීමකට පත්විය හැකිද ?

පොලිස් කොමිෂන් සභාව විසින් මේ පිළිඹදව ගන්නා පියවර පිළිඹදව ජනතාවට වගකිමට බැදෙන්නේ නොමැතිද ?

දැනට මහේස්ත්‍රස් අධිකරණ තුල අපරාධ නඩු කටයුතු මෙහෙයවනු ලබන්නෙ පොලිස් නිලධාරීන් විසිනි. නඩු තටයුතු මෙහෙයවීම සදහා අපරාධ නඩු මෙහෙයවීමේ විශේෂඥ තාවයෙන් යුක්ත නීතීඥ පිරිසකගේ සහාය ලබා ගැනීමට පොලිස් දෙපාර්ථමේන්තුවට නොහැකිද ?

එමෙන්ම අධිකරණය හමුවේ අපරාධ නඩු පවරන ලද විත්තිකරුවන් නිදහස් වී යාම බහුලව සිදුවන බව ඉහත උදාහරන මගින් පෙන්නුම් කරනු ලබයි. මෙවන් අවශ්ථාවක මෙසේ නිදහස් වූයේ ඇයිද යන්න පිළිඹද පසු විපරමක් සිදුකිරීමට රජය පියවර නොගන්නේ කුමක් නිසාද යන්න සලකා බැලිය යුතුව ඇත. නඩුකටයුතු පිළිඹදව පර්යේෂන සිදුකිරීම සහ ඒවා මගින් සොයාගනු ලබන කරුනු මගින් අපාරාධ පරීක්ෂන සහ නඩුපැවරීමේ ක්ෂ්ත්‍රය‍ යාවත්කාලන කිරීම සදහා විශේෂඥ දැනුමකින් යුක්ත කණ්ඩායමක් නිර්මාණය කිරීම සිදුකිරීම අත්‍යාවශ්‍යය බව ඉතා පැහැදිලි කරුනකි.

මෙයින් පිලිබිඹු වන්නේ රටේ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට නම් අභිච‌ෝදක කාර්යාලයක් පිහිටුවීමට අමතරව තවත් බොහෝ දෑ සිදුකිරීමට අවශ්‍ය බවයි. මේ පිළිඹද නිසා අවහ‌ෝධයක් වර්තමාන ජාතික ජනබලවේග ආන්ඩුවට නොමැති නම් ඒ පිළිඹද විශේෂඥ දැනුමක් ඇති. පුද්ගලයන් උපදේශයන් ලෙස පත් කරගෙන නිසි සාධාරණ අපක්ෂපාතී ක්‍රමවේදයක් තුලින් මෙම කටයුතු ආරම්භ කිරිම අත්‍යාවශ්‍යය වේ.

 

leave a reply