Breaking News

ඇමෙරිකා එක්සත් ඡනපදයට නින්දිත අවසානයක් ලබා දුන් ආයෝඡනය !

උපාලි ජයසිංහ

2001 සිට එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ ඩොලර් ට්‍රිලියන 2.26 ක් වියදම් කර ඇති අතර, එක්සත් ඡනපදයේ ඇෆ්ඝන් යුද පිරිවැය ව්‍යාපෘතිය ගණනය කරන බ්‍රවුන් විශ්වවිදයාලය එය හදුන්වන්නේ ඇමරිකාවේ දිගම යුද්ධය සහ අවුල් සහගත, නින්දිත අවසානයක් ලබා දුන් ආයෝඡනයක් ලෙසටය.

ඩොලර් මිලියන හෝ බිලියන නොව ට්‍රිලියන ගණනක් වියදමි කලද ඇෆ්ඝනිස්තානය 2021 දීද තවමත් පෘථිවියේ ඇති කුඩා අවිධිමත් ආර්ථිකයක් ඇති රාඡ්‍යයකි. බලයෙන් පහකල ජනාධිපති අෂ්රෆ් ඝානි 2000 දි කියා සිටියේ ජනගහනයෙන් සියයට 90 ක් දිනකට ඩොලර් 2 කට අඩු ආදායමක් උපයන බවයි.

එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ ඩොලර් ට්‍රිලියන 2 ක් වියදම් කළේ කුමක් සඳහාද? ඔසාමා බිල් ලාඩන් ගේ ඇමෙරිකානු ප්‍රහාරයෙන් පසු බලහත්කාරීව ඇඝ්ඝනිස්තානයේ නවතා සිට එක්සත් ඡනපද හමුදාවෙි අසූ දහසක් නඩත්තු කිරීමටත් එක්සත් ඡනපදයම ඇෆ්ඝනිස්තානයට අටවා දුන් දේශපාලන නායකත්වයේ තීන්දු මත ඇෆ්ඝන් රාඡ්‍ය හමුදාව සන්නද්ධ කිරීමට හා පෙරහුරු ලබාදීමටත්ය. ඒ මිස එක්සත් ඡනපදය ඇෆ්ඝන් දරුවන්ට කිරිපිටි හෝ මවුවරුන්ට පෝෂ්‍යදායි ආහාර වෙිලක් සදහා ඩොලර් වියදමි නොකල බව සහතිකය.

ඒ අතරම 2001 ට පෙර ඇෆ්ඝනිස්තානය පාලනය කල තලෙයිබානුවන් නවතා දැමීමට අනකල මහාපරිමාන පොපි වගාකරුවන් දිරිමත් කලේ එක්සත් ඡනපද හමුදාව පොපි වගා බිමිවලට නොමද ආරක්ෂාවද සපයමිනි. ඒ පොපි අබිං හෝ හොරොයින් ලෙස පකිස්තානය හරහා යුරෝපයටද එක්සත් ඡනපදයටද ඇදී ගිය විට එක්සත් ඡනපදයට කිසිදු ප්‍රශ්නයක් නොවීය. එක්සත් ඡනපදයට ප්‍රශ්නය තිබුනේ මෙක්සිකෝව හරහා පැමිණෙන හොරෝයින් හෝ වෙනත් මත්දව්‍ය සමිබන්ධයෙනි. එක්සත් ඡනපදයේ රූකඩ ඇෆ්ඝන් පාලනයට ඒ අනුව ඔවුහු නීති විරෝධී ලෙස කලු සල්ලි උපයා දී ඇත්තේ රාඡතාන්ත්‍රික ලෙසය.

ආරක්ෂාව සහිතවය . එමගින් ඉතා පහසුවෙන්ම ඇෆ්ගනිස්ථානය නැවත ගෝලීය අබිං සහ හෙරොයින් සැපයුම්කරු ලෙස තම ස්ථානය තහවුරු කර ගත්තේය – තලේබාන් සංවිධානය නැවත ජයග්රහණය කරන විට එකී ඔටුන්න දැන් එක්සත් ඡනපදය තලෙයිබානුන්ට සියතින්ම පළදවා ඇත. කොතරමි නමි ලැඡඡා සහගතද එක්සත් ඡනපදය ?
ට්‍රිලියන දෙකක් තමාට පක්ෂපාත ඇෆ්ඝනිස්තානයක් ගොඩනැගීම පිනිස ආයෝඡනය කල පසු එක්සත් ඡනපදය 2021 අගෝස්තු 19 වන විට ඇෆ්ඝනිස්තානයෙන් පෙරලා ලබා ගත් ප්‍රතිලාබ කවරේද තම අභීත පුත්‍රයන් 2022 ක් එක්සත් ඡනපදය සදහටම අහිමි කරගත්තේය. නැවත මවිබිමට ගියේ 20,000 ක් පුතුන් ආබාධිතවය. ඇෆ්ඝන් හමුදාවට එක්සත් ඡනපදය සොල්දාදුවන් තිස් දහසක් අහිමිකලේය.

2021 අගෝස්තු 21 වනවිට කාබුල් ගුවන් තොටුපල අවිහිංසක ඇෆ්ඝන් මිනිසුන් 10 දෙනෙකුගේ මරණවලින් ගලාගිය ලේ වලින් වැසී ගියේය. තම මවුබිමෙන් පලායාමට මොනතරමි වෙහසක් මිනිසුන් දැරුවාද යන්න ගුවන් ගතවු ගුවන් යානාවලින් මිනිසුන් තිදෙනෙක් ඇදවැටී මරණයට පත්වීම අපට පැහැදිලි කරයි මෙි තරමි කැත ලෝකයක් එක්සත් ඡනපදය ආසියාව තුල බිහිකලේය. ඉතිරි කලේය. මෙි ලියන මොහොතේත් කාබුල් ගුවන් තොටුපල අවට හා රට තුල මරණ බයෙන් තැතිගත් තම මාතෘභූමියේම මිනිසුන් සහ ගැහැණුන් ලක්ෂ ගණනක් ද එයට එකතුවිය යුතුය. මොන තරමි නිර්ලඡ්ඡිත ආයෝඡනයක්ද එක්සත් ඡනපදය මෙය ?

leave a reply