ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහි ඉතාලියේ උද්ඝෝෂණයට දහස් ගණනින් ජනතාව

ඇමරිකානු පොලිසිය විසින් අමානුෂික ලෙස මරා දමනු ලැබූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහි ,වර්ණ වදයට එරෙහි, ජාතිවාදයට එරෙහිව ඇමරිකානු ජනතාව අවුළුවා ලූ අරගලයට සහය පල කරමින් ලෝකයේ සෑම තැනම පසුගිය සතිය පුරාවටම විරෝධතා පැන නැගිණි.දහස් ගණනින් ජනයා මේ විරෝධතාවලට සහය පල කෙරිණි.

මේ අතර අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අබියස ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට එරෙහිව ඇමරිකානු ජනතාව ගෙන යන අරගලයට සහය පළ කරමින් විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. කොරෝනා මර්ධන නීති රීති වලට එකඟව ඒවාට අනුකූලව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව නිල ඇඳුම් අන්දන  ලද මැරයින් දමා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් නායකයින් සහ උද්ඝෝෂණයට සහභාගි වූ ජනතාව නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් පැහැර ගෙන යනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට ඇප මත ඔවුන්ව නිදහස් කර තිබේ ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවට මේ මර්දනය හරහා ලබා දෙන්න සූදානම් වෙච්ච පණිවිඩය තමයි තමන්ට එරෙහිව ජනතාව පෙළ ගැසේ නම් එය  මර්දනය කිරීම සඳහා කිසිදු හිරිකිතයකින් තොරව කටයුතු කරන බවට.

අද  ඉතාලියේ Brescia නගරයේ, Piazza Vittoria හී පැවති උද්ඝෝෂණයට දහස් ගණනින් විවිධ ජාතීන්ට පාට වලට අයත් ජනතාව ඒකරාශී වෙලා තිබුණි . ඇමරිකාවේ වර්ණවාදය ජාතිවාදයට පමණක් නෙවෙයි ඉතාලියේ ලෝකයේ සෑම තැනම සිද්දවෙන ජාතිවාදී වර්ගවාද යන්ට එරෙහිව හඬක් නගන්නට.

ඉතාලියේ වාමාංශික දේශපාලන පක්ෂ, සංවිධානයක් ප්‍රගතිශීලී මිනිසුන් ශිෂ්‍ය ව්‍යාපාරය ඒකරාශීව තමයි මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ. මෙම උද්ඝෝෂණයට  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් ද තමන්ගේ සහයෝගය පළකරමින් ඊට සහභාගි වී සිටියා.

 


Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...