ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහි ඉතාලියේ උද්ඝෝෂණයට දහස් ගණනින් ජනතාව

ඇමරිකානු පොලිසිය විසින් අමානුෂික ලෙස මරා දමනු ලැබූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහි ,වර්ණ වදයට එරෙහි, ජාතිවාදයට එරෙහිව ඇමරිකානු ජනතාව අවුළුවා ලූ අරගලයට සහය පල කරමින් ලෝකයේ සෑම තැනම පසුගිය සතිය පුරාවටම විරෝධතා පැන නැගිණි.දහස් ගණනින් ජනයා මේ විරෝධතාවලට සහය පල කෙරිණි.

මේ අතර අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අබියස ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට එරෙහිව ඇමරිකානු ජනතාව ගෙන යන අරගලයට සහය පළ කරමින් විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. කොරෝනා මර්ධන නීති රීති වලට එකඟව ඒවාට අනුකූලව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව නිල ඇඳුම් අන්දන  ලද මැරයින් දමා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් නායකයින් සහ උද්ඝෝෂණයට සහභාගි වූ ජනතාව නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් පැහැර ගෙන යනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට ඇප මත ඔවුන්ව නිදහස් කර තිබේ ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවට මේ මර්දනය හරහා ලබා දෙන්න සූදානම් වෙච්ච පණිවිඩය තමයි තමන්ට එරෙහිව ජනතාව පෙළ ගැසේ නම් එය  මර්දනය කිරීම සඳහා කිසිදු හිරිකිතයකින් තොරව කටයුතු කරන බවට.

අද  ඉතාලියේ Brescia නගරයේ, Piazza Vittoria හී පැවති උද්ඝෝෂණයට දහස් ගණනින් විවිධ ජාතීන්ට පාට වලට අයත් ජනතාව ඒකරාශී වෙලා තිබුණි . ඇමරිකාවේ වර්ණවාදය ජාතිවාදයට පමණක් නෙවෙයි ඉතාලියේ ලෝකයේ සෑම තැනම සිද්දවෙන ජාතිවාදී වර්ගවාද යන්ට එරෙහිව හඬක් නගන්නට.

ඉතාලියේ වාමාංශික දේශපාලන පක්ෂ, සංවිධානයක් ප්‍රගතිශීලී මිනිසුන් ශිෂ්‍ය ව්‍යාපාරය ඒකරාශීව තමයි මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ. මෙම උද්ඝෝෂණයට  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් ද තමන්ගේ සහයෝගය පළකරමින් ඊට සහභාගි වී සිටියා.

 


Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...