රටේ උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇතැයි නිවේදනය කළ දිනයේම තෙල් මිල වැඩිවිය. ඊට දින දෙකකට පසු එනම් ඊයේ දිනයේ ජල විදුලි බිල සියයට 20න් ඉහළ යන ලදී. බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක් වන්නේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යද්දී සහ වැඩි අගයක තිබෙද්දී උද්ධමනය අඩුවන්නේ කෙසේද යන්නයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මතුපිට උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වුයේ 12%ක් ලෙසය.
මේ අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -1.4% දක්වා පහත වැටී තිබේ.
එය පෙර මාසයේ 4.1%ක් ලෙස වාර්තා වුණි.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද ජුනි මාසයේ පැවති 16.2%ක අගය මේ මාසයේ 10.5% දක්වා අඩු වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
පසුගිය (2022) සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ඉතිහාසයේ ඉහළම අගය වූ 69.8% වාර්තා කළ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 73.7% තරම් ඉහළ මට්ටමක පැවතුණා. ආහාර උද්ධමනය 94.9% දක්වා ඉහළ යද්දී ආහාර නොවන භාණ්ඩ හා සේවා හා අදාළ උද්ධමනයද 57.6% දක්වා ඉහළ ගියා.
මෙවැනි තත්ත්වයකදී උද්ධමනය බැලූ බැල්මට විශාල ලෙස පහළ ගොස් තිබෙනවා.
නමුත් මෙහි පවතින විජ්ජාව වන්නේ ලංකාවට අදාළ ව මේ දිනවල උද්ධමනය අඩු වී ඇත යන්නෙන් අදහස් වන්නේ එදිනෙදා භාණ්ඩවල මිල ඉහළ යාමේ වේගය අඩු වී ඇත යන්නයි.
තෙල් මිල හා ඒ හා සිදුවූ සිදුවීම් හා මෙකී උද්ධමන කතාව ඇසුරෙන් මෙය සලකා බැලුවහොත් මින් කියවෙන්නේ දැන් තෙල් මිල ඉහළ යාමේ වේගය අඩු වී ඇති බව යි.
තෙල් පෝලිම් වල සිට තෙල් පෝලිම් නැති වීම දක්වා ගත් තෙල් මිල වැඩි කිරීම ගත හොත් එය රුපියල් සිය ගණනක වැඩිවීමකි. මේ අනුව උද්ධමනය අඩු වීම කියා පැවසීම පැහැදිලි ය. විදුලි බිල පිළිබඳව ද සිතා බැලිය යුත්තේ මෙය යි. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වික්‍රමය මෙය යි. ගෝඨාභය රාජපක්ෂ ව මිනිස්සු විසින් එළවීමෙන් පසු බලය අත්පත් කරගත් රනිල් ප්‍රමුඛ පොහොට්ටු ඇමති මණ්ඩලය කළේ ඉතා විශාල ලෙස තෙල් හා විදුලි ගාස්තු ඉහළ දැමීම යි. ගෑස් සම්බන්ධයෙන් ද සිදු වූයේද මෙය යි. ඉන් පසු මිනිස්සු ඉතා අධික මිලට ඒවා මිලදී ගැනීමේ දී පරිභෝජන සීමා ද ඇති කර ගන්නා ලදී. ඉන් පසු දැනුත් භාණ්ඩ මිල වැඩි වන අතර නමුත් ඒ සෙමිනි. ඉතින් දැන් ඔවුන් මෙය ආර්ථිකය ස්ථාවර කරා යයි මෙම අංක විජ්ජා යොදාගෙනයි.