අතීතයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් නැවත සිදු නොවීමට වගබලාගන්න – එක්සත් ජාතීන්

අතීතයේ සිඳු වී අති මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවතත් මෙරට තුළ සිඳු නොවීමට වඟ බලා ගන්නා ලෙසත් ඒ සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කළේ, නව රජය කඩිනමින් මානව හිමිකම් සහ ප්‍රතිසංධානය පවත්වාගෙන යාම සඳහා ජාතික සංවාදයකට පැමිණිය යුතු බවයි.

ශ්‍රී ලංකාව දේශපාලනමය වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

එහි දැක්වෙන්නේ රට ආයතනික වශයෙන් මෙන්ම ආරක්ෂක අංශ ද වහා ප්‍රතිසංස්කරණ වෙත යොමු විය යුතු බවයි.

ආර්ථික අර්බුදය, සෑම ජන කොටසකම සෑම තරාතිරමකම ජනතාවගේ මානව හිමිකම්වලට දැඩි බලපෑමක් ඇති කර ඇතැයි මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරන්නේ, දරුණු ආරක්ෂක නීති මත යැපීම මෙන්ම සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහා අවසන් කළ යුතු බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම මෙන්ම මහජන විරෝධතා මර්දනයට රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...