විල්පත්තු විනාශය ඉක්මන් කෙරෙන තවත් තීන්දුවක්

මේවනවිට විල්පත්තුව සම්බන්ධයෙන් නැවත අවධානය යොමුවී තිබෙන්නේ අවුරා ලංකා සමාගම විසින් කෝමාරිකා වගාකරන මුවාවෙන් එහි ප්‍රේරණ කලාපයේ විශාල පරිසර විනාශයක් සිදුකරමින් තිබීම නිසයි.

මීට පෙර විල්පත්තුව විනාශ කරන බවට චෝදනා එල්ල වූවේ රිෂාඩ් බදියුදීන් වෙතයි. එහිදී එම සිදුවීම් අවසන් වූවේ විල්පත්තුව තුළ ගස් සිටුවන ලෙස අධිකරණය විසින් නියෝගයක් ලබාදීමෙන් පසුවයි. නමුත් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා යොදාගත් රක්ෂිත වනාන්තර ප්‍රදේශයට සමාන ප්‍රදේශයක, සම්පූර්ණ පිරිවැය දරමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණය කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) අතුරු නියෝගයක් නිකුත් කරන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු අභයභූමියේ වන විනාශය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බදියුදීන් මන්ත්‍රීවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

2020 නොවැම්බර් 16දා අභියාචනාධිකරණය නියෝග කරන ලද්දේ මෙම විනාශයට අදාළ ව රුපියල් මිලියන 1,067ක් රජයට ගෙවන ලෙසයි. පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක් සම්බන්ධයෙන් මෙම තීන්දුව ලබාදෙන ලදි. ඉන්පසු යළි පෙත්සමක් ගොනුකරමින් එම යුක්ති කේන්ද්‍රය පෙන්වා දී තිබුණේ හිටපු ඇමතිවරයා මෙතෙක් එම මුදල ගෙවා නොමැති බවයි. ඊට අදාළ ව අභියාචනාධිකරණයෙන් ඔහුට නොතීසි නිකුත් කෙරිණි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල්ලාරු ප්‍රදේශයේ එළිපෙහෙළි කිරීම් නීතිවිරෝධී බවට අභියාචනාධිකරණය 2020 නොවැම්බර් 16දා තීන්දු කළේය.
මෙම එළිපෙහෙළි කිරීමට හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ මැදිහත්වීමක් නිරීක්ෂණය වන බව තීන්දු කළ අධිකරණය, රිෂාඩ් බදියුදීන්ගේ පෞද්ගලික මුදලින් එම ප්‍රදේශය නැවත වගා කරන ලෙසට ද නියෝග කරන ලදි.

අභියාචනාධිකරණය එදින මෙම නියෝගය ලබාදුන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමක නියෝගය ලබාදෙමිනි.

එළිපෙහෙළි කර ඇති වනාන්තර කොටස් නැවත රෝපණය කිරීමට වැය වන මුදල රිෂාඩ් බදියුදීන්ගෙන් අය කරගන්නා ලෙස පෙත්සම්කරු ඉල්ලා නොමැති අවස්ථාවක එම වනාන්තර නැවත රෝපණය කිරීම සඳහා රිෂාඩ් බදියුදීන්ගෙන් අයකරගන්නා ලෙස නියෝග කරනු ලබන්නේ දූෂකයා ගෙවීමේ මූලධර්මය (Polluter Pays principle) අනුව බව අභියාචනාධිකරණය නඩු තීන්දුවේ දක්වා ඇත.

 

Share post:

Popular

More like this
Related

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...

රවි කරුණානායක අත්අඩංගුවට 

හිටපු අමාත්‍යවරයෙකු සහ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු...

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...