චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9 ක ගාස්තු ගෙවයි

චීන සමාගමක් වන චින්ඩාඕ සීවින් බයෝටෙක් සමූහයෙන් ආනයනය කර නැවත හරවා යැවූ නුසුදුසු පොහොර වෙනුවෙන් මහජන බැංකුව ඩොලර් මිලියන 6.9 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 14,000 කට ආසන්න මුදලක් අද (7) ගෙවා තිබේ.

ප්‍රමිතියෙන් තොර වීම නිසා එම කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක් සහිත ‘හිප්පෝ ස්ප්‍රීට්’ නෞකාවට කොළඹ වරායට ඇතුල්වීමට ඉඩ නොදුන් අතර කොළඹ වාණිජ මහාධිකරණය එම පොහොර තොගයට අදාල ණයවර ලිපියේ ගෙවීම් අත්හිටුවා තිබුණි.

එහිදී චීනය දිගින් දිගටම එම පොහොර තොගයට අදාළ මුදල ගෙවන ලෙස බලපෑම් සිදුකරන ලදී. පොහොර තොගයට අදාළ මුදල නොගෙවීම නිසා චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛණයට පවා ඇතුළත් කර තිබුණි.

එම පොහොර වෙනුවෙන් මුදල් ගෙවීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කිරීමෙන් පසු කොළඹ වාණිජ මහාධිකරණයට දැන්වීමෙන් පසුව අධිකරණය පසුගියදා ණයවර ලිපියට ගෙවීම සඳහා පනවා තිබූ වාරණය ඉවත් කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...