Breaking News

COVID-19 එන්නත බෙදා හැරීම වෙනුවෙන් කැරිබියානු රටවල් ගෝලීය සමුළුවක් කැඳවයි

උපාලි ජයසිංහ

‘සියලු රටවල් අවදානමට ලක්ව ඇති අතර එකට වැඩ කළ යුතුය’ යනුවෙන් බලවත් රටවල් එක්සත් ඡාතීන්ගේ සංවිධානයේදී එකගතාවයකට පැමිණියද ඔවුහු COVID-19 එන්නත් මාත්‍රා තොග පිටින් ගබඩා කරමින් සිටිත්. මෙලෙස එන්නත් මාත්‍රා රැස් කිරීම නවත්වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගෝලීය උතුරු රටවලින් ඉල්ලා සිටියද, ඔවුහු ඒ ගැන නෙතකමින් සිටිත්. මෙකී සන්දර්භය තුල එන්නත් මාත්‍රා අත්පත් කර ගැනීමේ පිරිවැය කුඩා ජාතීන්ට ළඟා කර ගත නොහැකි බව කැරිබියානු රටවල් කියා සිටී.

වෛරසයේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව අනුව, සියලු රටවල් අවදානමට ලක්ව ඇති අතර එකට වැඩ කළ යුතුය.එබැවින් COVID-19 එන්නත් සමානාත්මතාවයෙන් බෙදා හැරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කැරිබියානු ප්‍රජාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ACT-A පහසුකම් කවුන්සිලයේ සන්දර්භය තුළ ගෝලීය සමුළුවක් ඉල්ලා සිටී.

වසංගතයට පිළියම් යෙදීම සඳහා කැරිබියානු රටවලට විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා එන්නත් ලබාදීමට මෙි නිසා නොහැකි වී ඇත උතුරු අර්ධ ගෝලයේ රටවල් එන්නත සදහා අසමාන ලෙස ප්‍රවේශ වීමේ අපේක්ෂාව පිළිබඳව ගැඹුරින් සැලකිලිමත් වන” බව පවසන කැරිකෝම් කුඩා රටවලට අනිවාර්යයෙන්ම ගෝලීය වෙළඳපොළ තුළ තරඟ කිරීමට අපහසු වනු ඇත බවත් එන්නත් සඳහා ගෙවීමටද ඔවුන්ගේ ආර්ථිකයන් ශක්තිමත් මද බවත් පෙන්වා දෙති .

COVID-19 “එන්නත්, චිකිත්සක සහ රෝග නිර්ණයන්” වැඩි දියුණු කිරීම, පරිමාණය කිරීම සහ බෙදා හැරීම වඩාත් සාධාරණ කිරීම අරමුණු කර ගනිමින් 2020 සැප්තැම්බර් 10 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ACT-Accelerator පහසු කිරීමේ කවුන්සිලයක් පිහිටුවන ලදී.
එහෙත් එන්නත් නිෂ්පාදකයින් සමඟ අත්තිකාරම් මිලදී ගැනීමේ ගිවිසුම් (APA) හරහා රටවල් කිහිපයක් දැනටමත් එන්නත්වල ප්‍රමුඛතා ප්‍රවේශය ලබාගෙන ඇත. එන්නත් නිපදවන සමාගමි එකඟ වූ එන්නත් සංඛ්‍යාවක් ලබා දෙන බවට රජයකට සහතික කරන එවැනි ගිවිසුම් නීත්‍යානුකූලව බැඳී ඇත. කැනඩාව වැනි ගෝලීය උතුරු රටවල් තම ජනගහනයට ප්‍රතිශක්තිකරණය අවශ්‍ය වන එන්නත් මෙන් හතර ගුණයක් වෙන් කර ඇති බවට වාර්තා වී තිබේ.
මේ අතර, හරියටම එන්නත ලැබෙන්නේ කවදාදැයි තහවුරු කිරීමට කැරිබියානු රජයන්ට නොහැකි වී ඇත. කැරිබියන් දූපත් වල බ්‍රිතාන්‍ය යැපුම් ප්‍රදේශයන්හි දැනටමත් COVID-19 ඇති අතර බාබඩෝස් අගමැති මියා මොට්ලි සිය පළමු මාත්‍රාව ලබාගෙන ඇත. ඇය එන්නත් කරන අවස්ථාවේ දී දිවයිනේ තිබුණේ මාත්‍රා පහක් පමණි.

leave a reply